වසංගතයට මුහුණ දීමට සකස් කළ පෙ.ස.ප. යෝජනාවලිය පවුල් ‌සෞඛ්‍ය ‌සේවා සංගමයට පිළිගන්වයි

කොවිඩ් වසංගතයට මුහුණ දීම උදෙසා ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සකස් කරන ලද වැඩපිළිවෙළ පිළිබඳව රජයේ පවුල් ‌සෞඛ්‍ය ‌සේවා සංගමය ‌සමග අද (21) සාකච්ඡාවක් පවත්වා තිබේ.

මේ සාකච්ඡාව සඳහා සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ද වසංගතය හමුවේ විශේෂ අභියෝගයකට මුහුණ දෙමින් සිටින බවයි.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,
“කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සකස්කළ යෝජනාවලිය අපි අද රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට බාර දුන්නා. මේ වෙනකොට පවුල් සෞඛ්‍ය සේව්කාවන් මුහුණ දී සිටින විශේෂ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කළා. විශේෂයෙන් අවධානය යොමුකළ ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවකට මුළු ගමකම එහෙම නැත්තම් යම්කිසි ප්‍රදේශයකටම තමන්ගේ සේවාව ලබාදෙන්න සිදුවෙනවා. ඒ නිසා ඔවුන්ට විශේෂ අභියෝගයක් තියෙනවා. එන්නත් ක්‍රියාවලියේදී පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පවුලේ අයත් විශේෂ අවධානයකට ලක්විය යුතුයි කියන එක පවුල් සෞඛ්‍ය සේවා සංගමයත් පිළිගත්තා. අපිත් හිතනවා ඒ සඳහා අවධානයක් දිය යුතුයි කියලා. අපිට උදාහරණ සහිතවම පෙන්නලා දුන්නා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පරිහරණය සඳහා එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක ලබාදී තියෙන්නෙ මාස්ක් 10ක් සැනිටයිසර් මිලිලීටර් 100ක්. මාසයකට පාවිච්චිය සඳහා සැනිටයිසර් මිලිලීටර් 100ක් ලබාදුන්නේ ඇයි කියන ප්‍රශ්නය බරපතල ලෙස පැනනගිනවා. සාමාන්‍යයෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවක් ගෙදරකට යනවා නම් ගෙදරින් පිට වෙනවා නම් දරුවෙකුට යම්කිසි විදිහකට සමීප වෙනවනම් මේ හැම මොහොතකම සැනිටයිසර් පාවිච්චි කරන්න ඕනා. මේක තමයි බිම් මට්ටමේ තත්ත්වය. අපිට පේනවා වේගයෙන් වසංගතය උත්සන්න වෙද්දී මේ රටේ සෞඛ්‍ය සේවකයන් සියලු දෙනාම යම්කිසි ආකාරයක අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. මේ යෝජනාවලියේ විශේෂ යෝජනා කිහිපයක් තියෙනවා. ඉන් එක යෝජනාවක් තමයි සෞඛ්‍ය සේවකයන්ට විශේෂ දීමනාවක් මේ ප්‍රශ්නෙදි ලබාදෙන්න කියලා. මොකද සෞඛ්‍ය සේවකයන් අධෛර්යට පත්වුණොත් විශේෂයෙන් සෞඛ්‍ය සේවිකාවන් අධෛර්යට පත්වුණොත් ඉන් රටේ දරුවන්ට රටේ අනාගතයට විශාල බලපෑමක් සිද්ධ වෙනවා. “

මෙහිදී අදහස් දැක්වූ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ දේවිකා කොඩිතුවක්කු පැවසුවේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් එන්නත්කරණය සඳහා විශාල කැපකිරීමක් සිදුකරමින් සිටින බවයි.
නමුත් සෞඛ්‍ය ඇමතිවරිය ඒ පිළිබඳව නොදැන සිටීම ගැන තම සංගමය කණගාටුවන බවද ඇය පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...