Breaking News

අද දිනයේත් කොවිඩ් රෝගීන් 892ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 892 දෙනෙකු අද (26) දිනයේ ද හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 102,271 කි.

මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් පවසයි.

කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් එලෙස මෙම සතියේ පාසල් වසා තැබෙන බව ද අමාත්‍යවරයා කියයි.

එම පළාත්වල පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීන්දුවක් ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් වසමේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම් අද දින රාත්‍රී 8.00 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද(26) රාත්‍රී 8.00 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා (Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මිට පෙර ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව

ගම්පහ දිස්ත්‍රික්කය –

කොටදෙණියාව පොලිස් වසමේ පොල්හේන, හීරලු ගෙදර සහ කලුඅග්ගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ,

මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ, අස්වෙන්නවත්ත නැගෙනහිර.

කළුතර දිස්ත්‍රික්කය –

මීගහතැන්න පොලිස් වසමේ, මිරිස්වත්ත, පැලවත්ත නැගෙනහිර, පැලවත්ත උතුර යන ග්‍රාමසේවා වසම්,

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය –

ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ බූම්බුහාර් ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.

leave a reply