Breaking News

සංවර්ධණයට අත එසවු ජනතාව එය වෙනුවට කැලෑ ඉල්ලා අරගල කලේ ඇයි? වල් සපුගල වසර හයක අරගලය කියවමු

රවින්ද්‍ර කාරියවසමි - පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය

වල් සපුගල ගොවි ජනතාවගේ දින 86 ක අඛණ්ඩ සත්‍යග්‍රහය කින් පසුව වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර ඇත .මෙය ජනතා ජයග්‍රහණයක් සහ ගොවි ජනතාව වන සතුන් වෙනුවෙන් හා සොබාදහම වෙනුවෙන් ගෙනගිය අරගලයක ප්‍රතිඵලයකි .එමනිසා මෙ ගමන පිළිබඳ කෙටි සටහනක් ලිවීමට උත්සාහ කරමි . හෙක්ටයාර 23,746ක භූමි ප්‍රමාණයකින් යුතු ප්‍රදේශයක් එම වනඅලි කළමණාකරණ රක්ෂිතය ලෙස නම් කර ඇති අතර එම භූමියේ පිහිටා ඇති හෙක්ටයාර 866 කින් යුත් ගුවන් තොටුපොළ ලෙස නම්කර ඇති භූමි ප්‍රමාණය ඉන් ඉවත් කර තිබේ. මෙයට අදාල ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර තිබේ . වන සත්ව හා වෟක්ෂලතා අඥාපනතේ 2 වගන්තියෙි දෙවන උපවගන්තිය අනුව අමාත්‍යවරයාට පැවරේන බලතල අනුව 2021 අප්‍රේල් 09 වන සිකුරාදා දින අංක 2222 62 යටතේ මෙම ගැසටි පත්‍රය නිකුත් කර ඇත.

වල් හපුගල වන අලි රක්ෂිතයක අවශ්‍යතාවය

හම්බන්තොටට වනඅලි රක්ෂිතයක අවශ්‍යතාවය පැන නගින්නේ 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟම ජාතික භෞතික සැලැස්ම ක්‍රීයාත්මක කිරීමට රජය මුලීක වීමත් සමගය . එහි එක් ව්‍යාපෘතියක් ලෙස හමිබන්තොට මහානගර සැලැස්ම කිීයාත්මක විය..එම නිසා හම්බන්තොට සූරියවැව තිස්සමහාරාමය ලුණුගම්වෙහෙර තණමල්විල මේ ප්‍රදේශ ගණනාවක්ම ඉතා සීග්‍ර ලෙස කැලෑ කැපීම සිදුවිය .

විශේෂයෙන්ම පැරණි හමිබන්තොට පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරාය, හම්බන්තොට නගරය, ක්‍රීඩා පිටි, මත්තල ගුවන්තොටුපල, සම්මන්ත්‍රණ ශාලා ,හෝටල්, අධිවේගී මාර්ග ආදී විශාල ඉදිකිරීම් සඳහා කැළෑ ඉඩම් අත්පත් කරගැනීම සිදුවිය .

2006 වැනි කාලවලදී ඉතාමත් කැලෑබදව තිබූ ප්‍රදේශ විශාල ලෙස එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම ඉතාමත් දරුණු ලෙස වර්ධනය විය .ඒ අනුව 2006 වර්ෂයේදී සාදන ලද වන අලි කළමනාකරණ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව මෙවන් අලි මිනිස් ගැටුමට ගොදුරුවන ප්‍රදේශ වල අලි කළමනාකරණ කලාප ඉදි කිරීමේ ප්‍රතිපත්තියක් එළිදැක්වෙන ලදී .

ඒ අනුව හම්බන්තොට දිස්ත්රික්කයේ වන අලි කළමනාකරණ රක්ෂිතය යෝජනා වූ අතර . බහුතර ඉඩමි ප්‍රමාණයක් චීන ව්‍යාපෘති වලට ලබාදිම හා ව්‍යාපාරීක අවස්ථාවලට ලබාදීමෙි අවශ්‍යතාවය මත හමිබන්තොට වනාතර ඉඩමි කොල්ල කෑම පසුගිය වසර දෙලහ තුල වැඩි වශයෙන් සිදුවිය . එහි ප්‍රතිපලයක් ලෙස වන අලි ඇතුලි සතුන්ගේ වාස භූමි අහිමි වීම ,අලි මිනිස් ගැටුමු වර්ධණය විමී ,ප්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය විනාශ වී යාම හා ජලය සතුන්ට හා ගොවි බිමිවලට හිගවීම , වනානත්ර ආශ්‍රීත ආර්ථිකය ගොඩ නගාගන සිටි ජනතාවද දුප්පත් කමෙි අන්තයට ඇද වැටීම සිදුවිය .මෙම සියුල තත්වයන් පදනමි කරගනිමින් හා එහි පිඩාව දැනුන ජනතාව දෙදහස් පහළව වසරේ සිට වන අළි රක්ෂිතය ප්‍රකාශයට පත්කර කැලෑ ප්‍රදේශය ආරක්ෂා කරන ලෙස විවිධ අරගල ගෙන ගිය අතර අවසාන දින අසුහයට පෙර වසර හයක් එම අරගලය අඛංඩව ගෙන යන ලදී. සංවර්ධනයේන වඩ පිඩාවට පත්වූ ගොවි ජනතාව දෙදහස් නවය වැනි වසර වලදී සංවර්ධන සිහිනය දැක එයට අනුමැතිය දුන්නද එම සිහිනය බිද වැටී එයින් පිඩාවට පත්වන විට ඒ වෙනුවෙන් අරගල කර තමන්ට හා වන සතුන්ට ජයග්‍රණ ලබාදීම ඉතාමත් වටි .

සංවර්ධණයට අත එසවු ජනතාව එය වෙනුවට කැලෑ ඉල්ලා අරගල කලේ ඇයි

හමිබන්තොට ජනතාවගේ ආර්ථිකය සමිපුර්ණ වශයෙන් ගොඩ නැගී තිබුනේ කෘෂි කර්මය හා වනාන්තර පදනමි කරගනිමින්ය. විශාල ලෙස වනානතර අහිමි විමත් සමගම වන සතුන්ට වාසස්ථාන අහිමි වුවා පමණක් නොව මිනිසුන්ගේ ආර්ථිකය බරපතල ලෙස කඩා වැටුන අතර බරපත පොෂණ උෘණතාවයන්ට හා දුප්පත් කමෙි අන්තයට අද වන විට මිනිසුන් වැටි ඇත.

වනාන්තරයෙන් ලැබූ ආර්ථිකය හා පොෂණය අහිමවිමත් ,කබන් ප්‍රමාණය ඉහළයාම නිසා උෂ්නත්වය වැඩි විමත්, ජල හිගයන් වලට මුහුණ දිමත් ඒ සියල්ල සමගින් අලි මිනිස්ගැටුමට ගොවි ජනතාව මුහුණ දීමත් යන සියල්ල එක් වී මෙම අරගලය ආරමිබය සනුටුවහන් කෙතරුණේ දෙදහස් පහළව වසරෙදිය.

වනාන්තර අහිමි වීම නිසා තමන්ගේ ජීවිත වලට එල්ලවී ඇති බලපෑම ජයගත හැක්කේ වනානත්ර රකින ලෙස රජයට බලකිරමින් අරගල කිරීම බව වටහා ගත් ගොවි ජනතාව සංවර්ධනයට කියා දුන් අවසරයට දුන් මනාපයෙන් වනාන්තර අහිමිවීම හා එහි පිඩාව මනාව වටහා ගන එයට විරුද්ධව පෙළ ගැසීම පැසසිය යුතුය .
1986 සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි පළමු වෙනි වගන්තියෙහි දැක්වෙන්නේ සංවර්ධනය වීම සඳහා ඇති අයිතිය අහිමි කළ නොහැකි මානව අයිතිවාසිකමක් බවයි. මෙම ප්‍රකාශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ අතිමහත් සහයෝගයක් ලැබුණි.

1992 රියෝ ප්‍රකාශනයේ 3 වන මූලධර්මය මගින් සංවර්ධනයට ඇති අයිතිය සපුරාලීමේ අවශ්‍යතාව නැවත වරක් සහතික කෙරිණි. සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම එය සංවර්ධනය උදෙසාම හෝ එමගින් බිහි කරන ආර්ථික ප්‍රතිලාභ උදෙසාම ක්‍රියාත්මක වන දෙයක් නොවන බව සංවර්ධනය මානව ඉතිහාසයේ සිට සිදුවු යමි යම් ආකාරයන්ගෙන් හඳුනා ගත හැකිය.

එහෙයින් සියළුම ජනතාවන්ට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් ඒවායෙහි ප්‍රතිලාභ භුක්ති ඳීමටත් අයිතියක් ඇති අතරම එබඳු ව්‍යාපෘති මගින් පරිසරයට ප්‍රතිනිර්මාණය කළ නොහැකි හානියක් සිදු නොවන තැනට වගබලා ගැනීම සම්බන්ධයෙන් එකි රජ්‍යන් මෙන්ම ජන සමාජයද වග බලා ගත යුතුය.

එම නිසා රජය විසින් සොබාදහම වෙනුවෙන් කලයුතු යුතුකමි ඉල්ලා මනාව ඉතිහාසය පුරා මිනිසුන් අරගල කරන ලද අතර එවැනි බොහෝ අරගල ජනතා ජයග්‍රහණයන්ගෙන් නිම කිරීමට ජිවිතයෙන් අරගල කල සැමට හා වල්සපුගල ගොවි ජනතාවට අප හිස නාමා ආචාර කරමු.

Click to access ali.pdf

leave a reply