අධිකරණයට මුවාවී වතු කම්කරු වැටුප 1000 කිරීම මගහැරීමට එරෙහිව විරෝධතාවයක්

“අධිකරණයට මුවා වී වතු කම්කරු මූලික වැටුප රුපියල් 1000 කිරීම මගහැර යෑමේ සියලු කුමන්ත්‍රණ පරදවමු” මැයෙන් අද (22) අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී නිහඬ විරෝධතාවක් පැවැත්වී තිබේ.

වතු කම්කරු මධ්‍යස්ථානය ඇතුළු සංවිධාන විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ඔවුන් ඉල්ලා සිටියේ අධිකරණ කටයුතුවලට මුවාවෙමින් වතුකම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම ප්‍රමාද නොකරන ලෙසයි.
වතු සේවකයින්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවමින් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින් වතු සමාගම් 20 ක් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සමක් අද සලකා බැලෙන නිසාවෙන් මෙම විරෝධතාව පැවැත්විණි.

කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ පඩිපාලක සභාවේ සාමාජිකයින් ඇතුළු 18 දෙනකු වගඋත්තරකරුවන් කරමින් අදාළ නඩුව පවරා ඇත. මෙරට තේ වතු සමාගම් 22 ක් ඇති අතර එයින් සමාගම් 20 ක් එක්ව මෙම නඩුව පවරා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...