අධිකරණයට මුවාවී වතු කම්කරු වැටුප 1000 කිරීම මගහැරීමට එරෙහිව විරෝධතාවයක්

“අධිකරණයට මුවා වී වතු කම්කරු මූලික වැටුප රුපියල් 1000 කිරීම මගහැර යෑමේ සියලු කුමන්ත්‍රණ පරදවමු” මැයෙන් අද (22) අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී නිහඬ විරෝධතාවක් පැවැත්වී තිබේ.

වතු කම්කරු මධ්‍යස්ථානය ඇතුළු සංවිධාන විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ඔවුන් ඉල්ලා සිටියේ අධිකරණ කටයුතුවලට මුවාවෙමින් වතුකම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම ප්‍රමාද නොකරන ලෙසයි.
වතු සේවකයින්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවමින් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙස ඉල්ලමින් වතු සමාගම් 20 ක් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සමක් අද සලකා බැලෙන නිසාවෙන් මෙම විරෝධතාව පැවැත්විණි.

කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් සහ පඩිපාලක සභාවේ සාමාජිකයින් ඇතුළු 18 දෙනකු වගඋත්තරකරුවන් කරමින් අදාළ නඩුව පවරා ඇත. මෙරට තේ වතු සමාගම් 22 ක් ඇති අතර එයින් සමාගම් 20 ක් එක්ව මෙම නඩුව පවරා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...