Breaking News

කන්න නැතත් කමක් නැහැ – රටේ නම වෙනස් කරොත් මදැයි

දැනට භාවිතා වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යන නම ශ්‍රී ලංකා ජනරජය ලෙස වෙනස් විය යුතු බවට ජාතික හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කරන යෝජනාවක් ලෙසයි එය ඉදිරිපත් කර තිබෙන්නේ.

එමෙන්ම බුද්ධාගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් කළ යුතු බවටත්,ජනාධිපති ධූරයේ වාර සීමාව ඉවත් කිරීම සහ ජනාධිපති ධූරය මහ මැතිවරණයෙන්ම තෝරාපත් කරගැනීම යන යෝජනා ද ජාතික හෙළ උරුමය විසින් යෝජනා කර ඇත.

පසුගිය දිනවල නිදහස් දින උළෙල ආසන්නයේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසා තිබුණේ ‘ජාතික කොඩියේ සිංහයා සංකේතයේ වෙනස්කම් සිදුකරන්නට අපේක්ෂා කරන බවය.

මේ මොහොතේ ජනතාව වසංගතය විසින් ජනිත කළ දහසකුත් එකක් ප්‍රශ්නවල මිරිකෙමින් සිටියදී ආණ්ඩුවේ ප්‍රභලයින් ගෙන එන්නේ මෙවැනි යෝජනා බව පෙනෙන්නට තිබේ. මෙවැනි පුස් යෝජනාවල අරමුණ ඉතා කෙටි කාලයකදී ගිලිහී ගිය ආණ්ඩුවේ ප්‍රතිරූපය නැවත නංවා ගැනීමට ප්‍රයත්න දැරීමයි. අනෙක ජනතාවගේ දහසකුත් එකක් සමාජ ආර්ථික ප්‍රශ්න අමතක කරවමින් ආණ්ඩුව එලෙසම පවත්වා ගැනීම සඳහා ජතිවාදී විෂ පෙවීමයි. බලය රැකගැනීමේ ව්‍යාපෘතිය සහ ජාතිවාදය එකට ගමන් කරන ආකාරය රාජ්‍ය ආගම සහ විධායක ජනාධිපති ධූරය ගැන උදය ගම්මන්පිල පවසා ඇති කතාවලින් පෙනේ.

leave a reply