කැළණිය විශ්ව විද්‍යාලයේ නිරෝධායනය වෙන සිසුන් වෙනුවෙන් කිසිදු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් නැහැ – අන්තරේ

කැලණිය සරසවියේ විභාග සඳහා පැමිණි සිසුන් 05 දෙනෙකු කෝවිඩ් ආසාදිත බව තහවුරු වීමත්සමඟ විභාග සඳහා පැමිණි සිසුන් නේවාසිකාගාර පරිශ්‍රය තුළ නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ. එනමුත් තවමත් සිසුන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් කිසිවක් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සපයා නැති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සංවිධානයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි පැවසුවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ කැළණිය විශ්ව විද්‍යාල පරිපාලනය සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන කිසිදු වගකීමක් බාර ගැනීමට සූදානම නැති බවයි.එම වගකීම් විරහිත භාවය හේතුවෙන් මුළු සමාජයටම කොවිඩ් පැතිරයාමේ අවධානමක් මතු කර ඇති බවද එම හිමියන් පවසයි.

එසේම විභාග කටයුතු ආරම්භ කිරීමට පෙර විභාග සඳහා සම්බන්ධ වෙන සිසුන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ශිෂ්‍ය සංවිධාන විසින් ඉල්ලා සිටියද එම ඉල්ලීම ඉටු නොවූ බවද රත්කරව්වේ ජිනරතන හිමි පවසා තිබේ.

එම හිමියන් වැඩිදුරටත් පැවසුවේ,

“කැළණිය විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී පාඨමාලාව හදාරන ශිෂ්‍යන්ට ක්ෂේත්‍ර චාරිකාවක් යන්න කලින් ඒ කටයුත්තට සම්බන්ධ පෞද්ගලික ආයතනයකින් උපදෙස් ලැබෙනවා PCR පරීක්ෂණවලට ලක් වෙන්න කියලා. එකටවත් කැළණිය පරිපාලනය උදව් වෙන්නෙ නැහැ. ශිෂ්‍යන්ට තමන්ගේ මහනසියෙන් මුදල් හොයාගෙන තමයි මේ පරීක්ෂණවලට මුහුණ දෙන්න වෙන්නේ.මේ මුදල් ප්‍රශ්න නිසා අහඹු ලෙස තෝරාගත් ශිෂ්‍යන් 15දෙනෙක් තමයි PCR පරීක්ෂණයට ලක් කරන්නෙ. 15 දෙනාගෙන 5දෙනෙක් කොවිඩ් පොසිටිව් වෙනවා. මෙහෙම පොසිටිව් වුනට පස්සෙත් විශ්ව විද්‍යාල ඇතුලෙ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් නැහැ. දැනට හොස්ටල් 3ක් හුදකලා කරලා. එම ශිෂ්‍යන්ට කිසිම සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සැපයීමක් කරලා නැහැ. විභාග කටයුතු අත්හිටුවීමක් කරලත් නැහැ. විභාග දිගට පවත්වමින් යනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...