කොකා කෝලා, පෙප්සි සහ නෙස්ලේ වැඩිම ප්ලාස්ටික් කසළ නිපදවන සමාගම් ලෙස 3වන වරටත් නම් කරයි

කොකා කෝලා , පෙප්සිකෝ සහ නෙස්ලේ සමාගම් තුන්වන වරටත් ලෝකයේ වැඩිම ප්ලාස්ටික් කසළ නිෂ්පාදනය කරන සමාගම් බවට පත්ව තියෙනවා. මේ අනුව මෙම සමාගම්වලට ප්ලාස්ටික් කසළ අවම කිරීම සඳහා කිසිදු උත්සාහයක් නොදරන බවට චෝදනා එල්ල වේ.

බ්‍රේක් ෆ්‍රී නම් සමාගම විසින් වාර්ෂිකව කරනු ලබන පර්යේෂණයකට අනුව කොකා කෝලා සමාගම ප්ලාස්ටික් කසළ නිෂ්පාදනයේ මුල්තැන ගෙන සිටියි. මෙම සමාගමේ බෝතල් බහුල ලෙස විවිධ රටවල මුහුදු වෙරළවල, ගංගාවල, උද්‍යානවල සහ කසළ බැහැර කෙරෙන තැන්වල දැකිය හැකි බව බ්‍රේක් ෆ්‍රී සමාගම පවසයි. මෙම තත්ත්වය මෙම පර්යේෂණය පැවැත්වූ රටවල් 55ක් අතරින් 51ම දක්නට ලැබී තිබේ. පසුගිය වසරේ පර්යේෂණ පැවැත්වූ රටවල් 51 අතුරින් රටවල් 37ක පමණක් මෙය දක්නට ලැබී තිබේ.

තවත් විශාල බහු ජාතික සමාගම් වන නෙස්ලේ සහ පෙප්සිකෝ සමඟ එකතුවූ විට මේ තත්ත්වයේ ඉතා බරපතල ස්වරූපයක් ගන්නා බව පර්යේෂණ දත්ත පෙන්වා දෙයි.

එසේ තිබියදී පවා මේ වසරේ මුලදී කොකා කෝලා සමාගම නිවේදනය කළේ තමන් ප්ලාස්ටික් බෝතල් අවම කිරීමට සූදානම් නැති බවයි. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ තමන්ගේ පාරිභෝගිකයන් ප්ලාස්ටික් බෝතල්වලට වැඩි කැමැත්තක් දැක්වීමයි.

පසුගිය මාර්තු මාසයේද NGO Tearfund නම් සමාගමක් කරන ලද පර්යේෂණයකින් පසු හෙළි කෙරුනේ කොකා කෝලා, පෙප්සිකෝ නෙස්ලේ සහ යුනිලීවර් සමාගම් ලෝකයේ ප්ලාස්ටික් කසළවලින් මිලියන භාගයක් පමණ කසළ නිෂ්පාදනය කරන බවයි.

ප්ලාස්ටික් කසළ අතර බහුලව ෂැම්පු, සෝස් , කෝපි බහාලන සැශේ වර්ගයේ පැකට්, සිගරට් කොට සහ පල්ස්ටික් බෝතල් දක්නට ලැබෙන බව පර්යේෂණ දත්තවල සඳහන්.

එසේම ලෝක ප්ලාස්ටික් ජනනයෙන් 91%ක් ම ප්‍රතිචක්‍රීයකරණය නොකර විවිධ සභාවික පරිසරයන්ට මුදා හරින බවද මෙම වාර්තා වේ සඳහන්.

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...