Breaking News

ආර්ඡන්ටිනාව corvid 19 වෙනුවෙන් කෝටිපතියන්ගෙන් බද්දක් අය කරයි

උපාලි ජයසිංහ

වෛරස් සහන සඳහා වු “කෝටිපතියන්ගේ බද්ද” ආර්ජන්ටිනාවේ සෙනෙට් සභාව පක්ෂව ඡන්ද 42 ක් සහ විරුද්ධ ඡන්ද 26 ක් ද ලබාගනිමින් සමිමත කලේය. සෙනටි සභාවෙි විවාදය යූ ටියුබි ඔස්සේ ආර්ඡන්ටිනා ඡනතාවට සඡිවීව විකාශනය කරන ලදී. එකී බද්දට රටෙි ධනවත්ම පුද්ගලයින්ගෙන් 12,000 කට පමණ බලපානු ඇත.ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස්ගේ රජය එක් වර බද්දක් සමඟ පෙසෝ බිලියන 300 ක් (ඩොලර් බිලියන 3.75 ක්) රැස් කිරීමට අපේක්ෂා කරයි.

“කෝටිපතියන්ගේ බද්ද” ලෙසද හඳුන්වන මෙය – පෙසෝ මිලියන 200 ට වඩා ප්‍රකාශිත වත්කම් ඇති පුද්ගලයින්ගේ ආර්ජන්ටිනාවේ ධනය සඳහා සියයට 3.5 ක් දක්වා සහ රටෙන් පිටත ධනයෙන් සියයට 5.25 ක් දක්වා බදු අයකරගනු ලැබෙි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව ආර්ජන්ටිනාවේ මිලියන 1.4 කට වැඩි සංඛ්‍යාවකට වෛරසය දරුණු ලෙස බලපා ඇති අතර මරණ 39,500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.මෙම වසංගතය 2018 සිට අවපාතයක පවතින රටක දැනටමත් ඉහළ විරැකියාව සහ දරිද්‍රතා අනුපාතය උග්‍ර කර තිබේ.

එයින් ලැබෙන ආදායමෙන් සියයට 20 ක් වසංගතය සඳහා වෛද්‍ය සැපයුම් සඳහාද, තවත් සියයට 20 ක් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහාද, සියයට 15 ක් සමාජ සංවර්ධනය සඳහාද, සියයට 20 ක් ශිෂ්‍යත්ව සඳහාද, සියයට 25 ක් ස්වාභාවික ගෑස් ව්‍යාපාර සඳහාද යොදවනු ඇත.

leave a reply