බලහත්කාරයෙන් හදන කොතලාවල පොකුර

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා පාසල් වසා ඇති මේ අවදානම් සහගත කාලසීමාවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පමණක් සම්පූර්ණයෙන් නොවසා තබමින් සිසු සිසුවියන්ගේ ආරක්ෂාව ගැන නොතකා ක්‍රියා කරයි. මේ විශ්වවිද්‍යාලය තුළ මිලිටරි හා සිවිල් යන වර්ග දෙකක සිසු සිසුවියන් අධ්‍යාපනය ලබන අතර පීඩාවට පත්ව සිටින්නේ මුදල් ගෙවා ඉගෙන ගන්නා සිවිල් සිසුසිසුවියන් වේ. මේ විශ්වවිද්‍යාලයට අනුබද්ධ සූරියවැව පිහිටි දක්ෂිණ මණ්ඩපය සම්පූර්ණයෙන්ම විවෘතව ඇති අතර රත්මලානේ පිහිටි ප්‍රධාන විශ්වවිද්‍යාලය අර්ධ වශයෙන් වසා ඇත.

දැනට මාස දෙකකට ආසන්න කාලයක් සූරියවැව පිහිටි දක්ෂිණ මණ්ඩපය තුළ සිවිල් සිසුන් බලහත්කාරයෙන් රඳවා ගනිමින් මිලිටරි පාලනයක් පවත්වා ගෙන යන අතර ඔවුහු කායිකව හා මානසිකව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. නිරෝධායන නීති හරිහැටි ක්‍රියාත්මක නොවන මේ ස්ථානය තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතී. නේවාසිකාගාර, භෝජනාගාර, පන්ති කාමර ආදී කිසිම ස්ථානයක නිරෝධායන නීති කුියාත්මක නොවන බව සිසුහු කියති. මේ ස්ථානයට දිවයිනේ කොරෝනා අවදානම වැඩි, වසා දමන ලද ප්‍රදේශවල සිට පවා ස්ථිර සහ බාහිර කථිකාචාර්යවරුන් පැමිණෙන අතර ඔවුන්ගෙන් වෛරසය පැමිණීමේ ඉහළ අවදානමක් ඇත. විශ්වවිද්‍යාලය තුළ සනීපාරක්ෂක ද්‍රව්‍ය පවා හරිහැටි සපයා නැති අතර බොහෝ දෙනා මුහුණු ආවරණයක් පවා පළඳින්නේ නැති බැවින් වෛරසය ඇතුළු වුවහොත් ඉක්මණින්ම පැතිර ගොස් ඊ ළඟ කොවිඩ් 19 පොකුරක් මෙතැනින් මතු වීමටද ඉඩ ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...