අද සවස්වනවිට ආසාදිතයින් 109ක් – රෝහල් ධාරිතාවය ඉක්මවන ලකුණු

‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන් සඳහා වෙන් කරන ලද ඇඳන් 2,587න් 2,433ක් මේ වනවිට පිරී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් අද (21) පැවැසීය.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (21) පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය හේමන්ත හේරත් මහතා එම කරුණු සඳහන් කළේය.

‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ සඳහාම වෙන්වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන 23ක් වෙන් කර ඇතැයි ද එහි ධාරිතාව 2,587ක් බවත් ඉන් 2,433ක රෝගීන් ප්‍රතිකාර ලබන බව ද හෙතෙම පැවැසීය.

ඉදිරියේදී රෝගීන් වාර්තා වන ආකාරය අනුව එම රෝගීන් යොමු කිරීම සඳහා තවත් රෝහල් සහ ස්ථාන සූදානම් කරන බවත් ඔහු කීවේය.

අවසන් පැය 24 ඇතුළතදී පී.සී.ආර්. පරීක්ෂණ 8,270ක් කර ඇති බවත් ඔහු පවසා ඇත.

පසුගිය සතියේදී ප්‍රජාවෙන් සාම්පල 30,000කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් සමාජ ව්‍යාප්තියක් නැති බව තහවුරු කළ හැක්කේ ඒ තුළින් බවත් ඔහු කීවේය. එම ක්‍රියාවලිය දිගටම කරගෙන යන බව ද හෙතෙම පැවැසීය.

අද සවස 4.30 වනවිට රෝගීන් 109ක් වාර්තා වී තිබුණි. දිනෙන් දින රෝගීන් වාර්තාවන සංඛ්‍යාව ඉහළ යමින් පවතියි. මෙම ඉහළ යන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇතිව තිබේ. නමුත් රෝහල් වෙන්කිරීම සහ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් ඇති බව දක්නට නොමැත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...