අද සවස්වනවිට ආසාදිතයින් 109ක් – රෝහල් ධාරිතාවය ඉක්මවන ලකුණු

‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන් සඳහා වෙන් කරන ලද ඇඳන් 2,587න් 2,433ක් මේ වනවිට පිරී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් අද (21) පැවැසීය.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (21) පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය හේමන්ත හේරත් මහතා එම කරුණු සඳහන් කළේය.

‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ සඳහාම වෙන්වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන 23ක් වෙන් කර ඇතැයි ද එහි ධාරිතාව 2,587ක් බවත් ඉන් 2,433ක රෝගීන් ප්‍රතිකාර ලබන බව ද හෙතෙම පැවැසීය.

ඉදිරියේදී රෝගීන් වාර්තා වන ආකාරය අනුව එම රෝගීන් යොමු කිරීම සඳහා තවත් රෝහල් සහ ස්ථාන සූදානම් කරන බවත් ඔහු කීවේය.

අවසන් පැය 24 ඇතුළතදී පී.සී.ආර්. පරීක්ෂණ 8,270ක් කර ඇති බවත් ඔහු පවසා ඇත.

පසුගිය සතියේදී ප්‍රජාවෙන් සාම්පල 30,000කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් සමාජ ව්‍යාප්තියක් නැති බව තහවුරු කළ හැක්කේ ඒ තුළින් බවත් ඔහු කීවේය. එම ක්‍රියාවලිය දිගටම කරගෙන යන බව ද හෙතෙම පැවැසීය.

අද සවස 4.30 වනවිට රෝගීන් 109ක් වාර්තා වී තිබුණි. දිනෙන් දින රෝගීන් වාර්තාවන සංඛ්‍යාව ඉහළ යමින් පවතියි. මෙම ඉහළ යන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇතිව තිබේ. නමුත් රෝහල් වෙන්කිරීම සහ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් ඇති බව දක්නට නොමැත.

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...