කොරෝනා වැළඳී ඇතැයි සැක මාධ්‍යවේදියා PCR ප්‍රථිපල එන්නත් කලින් වැඩට යොදවලා

Date:

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රජයේ විද්‍යුත් නාලිකාවකට සම්බන්ධ මාධ්‍යවේදීයා සිය PCR පරීක්ෂණය සිදුකොට එහි ප්‍රථිපල ලැබීමට නියමිතව තිබියදී මාධ්‍ය හමු කිහිපයක්ම ආවරණය කිරිමට ගොස් ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කර සිටියි.

මෙලෙස කොවිඩ් ආසාදිත බවට සැක මාධ්‍යවේදියා ඇතුළු අදාළ රාජ්‍ය විද්‍යුත් නාළිකාවේ මාධ්‍යවේදීන් රැසක් ඉකුත් 12 වෙනිදා PCR පරීක්ෂණ වලට මුහුණදී ඇති බව වාර්තා වේ.

මෙම පරීක්ෂණයන් ගේ ප්‍රථිපල ලැබීමට නියමිතව තිබියදී එම මාධ්‍යවේදීයාව මාධ්‍යහමු ආවරණය කිරිමට යොමු කොට ඇති අතර, 14 වෙනිදා පැවති එක්සත් ජාතික පක්ෂයේ හා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවද ඒ අතර වනවා.

මේවන විට ශ්‍රී ලංකාව කොවිඩ් දෙවන රැල්ලකට මුහුණ දෙමින් සිටිනවා. PCR පරීක්ෂණ ප්‍රතිපළ ලැබීමට නියමිතව තිබියදී මෙලෙස රජයේ නිලධාරියෙකුට සාමාන්‍ය ජනතාව අතරේ සැරිසැරීමට ඉඩ සලසා දීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත් මිට අදාළ නිලධාරීන්ට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියි.

කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන මාධ්‍යවේදියෙකු පසුගිය 13 වැනිදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුව ආවරණය කිරීම සඳහා පැමිණ ඇති බැවින් එදින මාධ්‍ය හමුව ආවරණය කිරීම සඳහා පැමිණි සියලු මාධ්‍යවේදීන් දැනුවත් කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

අදාළ මාධ්‍යවේදියාට කොරෝනා ආසාදිත වී ඇතිද නැද්ද යන්න මෙතෙක් තහවුරු වී නැතත් යම්කිසි විදිහකින් ඔහු ආසාදිත බව හෙළිවුවහොත් විශාල පිරිසකට රෝගය බෝ වීමේ අවදානමක් මතුවේ. බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනය තුලද එහි සේවකයන් වැඩට යොදාගෙන තිබුණේ කිසිදු සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමකින් තොරවයි. ඒ හරහා මේවනවිට විශාල පිරිසකට රෝගය පැතිරී ගොස් තිබේ. එසේම බ්‍රැන්ඩික්ස් ආයතනය එහි සේවකයන් අසනීප වී සිටියද එය ගණන් නොගත් බව වාර්තා විය. දැනට මෙම රාජ්‍ය ආයතනය කටයුතු කර ඇත්තේද සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද නොතකමිනි. එය අනිකුත් ජනතාවගේ ජිවිත අවදානමේ දැමීමකි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද කඩකරන සාමාන්‍ය ජනතාවට දඬුවම් ලබාදිය හැකි නව නීති ගැසට් කර තිබුණි. නමුත් වගකීම් විරහිතව කටයුතු කරන මාධ්‍ය ආයතනවලට එම නීතිය බල නොපැවැත්වේ.

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...