කොරොනා වැළඳීම මාරාන්තික වරදක්, නිරෝධායනය ඒකට දෙන දඬුවම වගේ වෙලා – වෛද්‍ය ගිෂාන්ත දසනායක

ආණ්ඩුව කොරෝනා රෝගීන්ට සළකන්නේ කොරෝනා වැළඳීම වරදක් ඒකට දෙන දඬුවම නිරෝධනය ලෙස සිතා බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසුවේ නිරෝධනයට රැගෙන යන්නන් බලහත්කාරයෙන් රැගෙන යාමක් සිදුවන බවයි.

ගිෂාන්ත දසනායක වැඩිදුරටත් පැවසුවේ,

” කෑගල්ල රෝහලේ වෛද්‍යවරු තුන්දෙනෙකුට කොරෝනා වැළඳිලා තියෙනවා අපි දැක්කා. ඔවුන්ට එය වැළඳිලා තිබුනේ තමන්ට අයත් රාජකාරිය කිරීමට යාමේදී. ඒ එක් වෛද්‍යවරියකගේ නිවසට යුධ හමුදාවේ අවිගත් පිරිසක් කඩා වැදිලා ඒ නිවසේ ඉන්න අයව බලහත්කාරයෙන් රැගෙන යන්න කටයුතු කළා. වාසනාවට ඔවුන් රැගෙන යන්න පැමිණෙමින් තිබුණු ගිලන් රථය අබලන් වුන නිසා කෑගල්ල රෝහල අමතලා වෙනත් ගිලන් රථයක් ලබාගන්න උත්සාහ කරලා. ඒ හරහා රෝහල් අධ්‍යක්ෂවරයා මෙය දැනගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මැදිහත්වෙලා ඒ ක්‍රියාවලිය නවත්වන්නේ. නිරෝධනයනයට රැගෙන යන අය මනුශිකත්වයෙන් රැගෙන යන්න ඕනා. අහගෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා අල්ලපු ගෙදර කොරෝනා රෝගියෙක් වාර්තා වුණොත් ගල් ගහන්න එපා කියලා. ඒ පණිවිඩය හරි. හැබැයි එහෙම ඒ කොරෝනා රෝගයට ගොදුරුවෙච්ච අයට අමානුෂිකව සළකනවා නම් එතැන තියෙන්නේ ම්ලේච්ඡත්වය. හමුදාව කටයුතු කරන්නේ ටාගට්වලට. එතැනදී පීඩාවට පත්වන අය ගැන ගැටළුවක් නැහැ. හැබැයි සෞඛ්‍ය සේවයේ අය ටාගට්වලට වැඩ කරන ගමන් ඒ සේවය ලබන අය අපහසුතාවයට පත්වෙනවද නැද්ද කියලා බලනවා. ඔතනට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තයෙක් ගියානම් එතුමා දන්නවා කටයුතු කරන්න ඕනා විදිහ. ආණ්ඩුව පෙන්නන්නේ කොරෝනා අපිට වැළදීම අපි කරන මාරාන්තික වරදක්. න නිරෝධායනය කියන්නෙ දඬුවමක් වගේ. නිරෝධනයට ගෙනියන අයට දුරකථන ඇමතුමක් ගන්න දෙන්නෙ නෑ. එවැනි ආකාරයේ බලහත්කාරකමක් හමුදාව හරහා කෙරෙමින් තියෙනවා. ”

Share post:

Popular

වෙනත් පුවත්

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...

කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් 1% ක්  වත් ඉල්ලන නිදහස උදෙසා කාන්තාවෝ 

දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් 1% වත් ඉල්ලන්න යෝජනා...