ඡන්දෙට වියදම් කරපු තරම් A /L දරුවන්ගේ සෞඛරක්ෂාව වෙනුවෙන් වියදම් කරන්නෙ නැහැ – ලංකා ගුරු සංගමය

මැතිවරණයේදී සෞඛ්‍ය ආරක්‍ෂිත වැඩපිළිවෙල සඳහා අතිවිශාල මුදලක් වියදම් කළත් රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ගේ කටයුතු වෙනුවෙන් නිසි ලෙස මුදල් වියදම් නොකරන බව ලංකා ගුරු සංගමය පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මේ බව පැවසීය. අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමේදී සිසුන්ගේ සහ විභාග මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රජය ප්‍රමාණවත් අවදානයක් යොමුකර නොමැති බවයි.

“විභාග කොමසාරිස් ජනරාල්වරයා ලිපියක් මගින් දැනුම් දෙනවා විභාග මධ්‍යස්ථානවල සියලුම විභාග ශාලාධිපතිවරුන්ට විභාග ශාලා ආශ්‍රිත අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 1000ක් වෙන්කර ඇති බැවින් එය සම්බන්ධව සුදුසු කටයුතු ඉටුකර දෙන මෙන් උපදෙස් දෙමි කියලා.

දවස් 22ක් විභාගෙ තියෙනවා. රුපියල් 1000න් මේක කරන්න පුළුවන්ද ? අත්වැසුම් කට්ටලයක්ම රුපියල් 3500ක් විතර වෙනවා. අනිත් එක මේ මුදල දෙන්නෙත් නැහැ. විභාග ශාලාධිපති මේක වියදම් කරලා පස්සෙ පියවා ගන්න ඕනෙ. දැන් මේක මහ විහිළුවක්.

අපි දැක්කා පහුගිය කාලෙ කොවිඩ් තත්වය තුළ මැතිවරණය තිබ්බා. නමුත් මේ තරම් අවදානම්සහගත තත්වයකුත් තිබුණෙ නෑ ඒ වෙලාවෙ.

නිරෝධායනය වෙන ළමයි සම්බන්ධයෙන් අනුගමනය කළයුතු පිළිවෙත, ඒ සම්බන්ධ පැහැදිලි නිර්ණායක මොනවද කියලා අදාළ විභාග මධ්‍යස්ථානයේ ඉන්න ශාලාධිපති දැනුවත් වෙලා නෑ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් නෙවෙයි ගුරු සහ විදුහල්පතිවරුන්. ඔවුන්ට ලොකූ අවබෝධයක් නෑ හදිසි තත්වයක් ඇතිවුණොත් කොහොමද කටයුතු කරන්නෙ කියලා”

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...