Breaking News

කඩිමුඩියේ කැළෑ කපන්නේ ඇයි?

කඩිමුඩියේ කැළෑ කපන්නේ ඇයි.. 2030 වෙද්දි ලංකවෙි වනාන්තර 10%….
අපි 2011 වර්ෂයටම අපසු යායුතුය. රටවල් තිස් හයක එකගතාවය මත නිර්මාණය වු ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන මෙහෙයුම ආරම්භ කළේ මහින්ද රාජපක්ෂයි. එහි තුන්වන කාර්තුව සිදු කරන්නේ මෙි රජය විසිනිි. එම සැලස්මේ පැහැදිලිව ලියා ඇති කාරණය නම් වාණිජ භෝග වගාවන් සදහා කැලෑ ඉඩම් නිදහස් කිරීම කලයුතුය යන්නයි. මෙි සිදුවෙිමින් පවතින්නේ එයයි. දැනට ලංකාව ලෝකයේ ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතර වැනිි ස්ථානය ගෙන තිබේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් වේගවත් කළ වන විනාශය නැවත වරක් වේගවත් වෙන්නෙ වනාන්තර මහ සැලැස්ම තුලිනි. දැන් එය සිදු වන්නේ ජාතික භෞතික සැලසුමට අනුවය. අප මෙය පරාජය කළ යුත්තේ කෑල්ලෙන් කෑල්ල නොවන බව අප හැකි තරමින් පෙන්වා දුන්නද 2013 පමණ වනවිටඅප දවල් දකින හීන දකින බව කියා බෙහෝදෙනා කිවේය.

2030 වනවිට මෙරට වනාන්තර ප්‍රතිශතය සියයට 10% දක්වා අඩුවේ. එය අහඹුවක් නොව අනිවාර්යයකි. මේ ගැසට් පත්‍රයත් සමග ලංකාවේ අවශේෂ යයි හඳුන්වා ඇති කැලෑ ඉඩම් පුද්ගලික හිමිකම් දරන ව්‍යාපාරිකයන්ට හා සමාගම් අතට පත්වේ . මේ ගැසට් පත්‍රය එන්නේ එහි එක් පියවරක් ලෙසයි. අඩුම තරමේ එක මිනිසෙකුට හුස්ම ගැනීමට ඔක්සිජන් ලීටර් 550 අවශ්‍ය වේ. අප රට තුල සිටින ජනතාවට ඔක්සිජන් නිපදවීමට පමණක් සියයට විසිිහතරකවත් වනාන්තර අප පවත්වාගත යුතුව ඇත.

රවීන්ද්‍ර කාරියවසම්

 

leave a reply