පුහුණු කාලය අවසන් වුවත් සංවර්ධන නිලධාරීන් ස්ථීර කර නැහැ – නිහඬ විරෝධතාවයක්

ස්ථිර ‌නොකරන ලද සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීම, කප්පාදු කරන ලද ප්‍රසූත නිවාඩු ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒ්කාබද්ධ සංවර්ධන නිලධාරී සංගමය අද (සැප්. 02) කොළඹ ‌කොටුව දුම්රියපොල ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීය. ඉන් පසුව ආර්ථික අමාත්‍යාංශය ‌වෙත ඔවුහු පා ගමනින් ගිය අතර අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා ‌කොට සිය ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබිණි.

මෙහිදී අදහස් දක්වමින් ඒ්කාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසුවේ 2019 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල බඳවාගත් 16800ක් වන සංවර්ධන නිලධාරීන්ගේ පුහුණුව වසරක කාලයක් ගතවීමෙන් පසු අවසන්ව ඇතත් ඔවුන් ස්ථීර නොකර පුහුණු කාලය දෙසැම්බර් දක්වා දිගු කර ඇති බවයි. එසේම මෙම දින 84 ප්‍රසූත නිවාඩු කප්පාදු කර ඇති බවද ඔහු පවසයි. මෙම සංවර්ධන නිළධාරීන්ට පුහුණු කාලසීමාවේ දීමනාවක් ලෙස ලැබෙන්නේ 20000ක මුදලක් පමණක් බැවින් ඔවුන් ස්ථිර නොකිරීම හරහා තවදුරටත් එම සොච්චම් වැටුපෙන් ජිවත්වීමට බලකෙරී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...