පුහුණු කාලය අවසන් වුවත් සංවර්ධන නිලධාරීන් ස්ථීර කර නැහැ – නිහඬ විරෝධතාවයක්

ස්ථිර ‌නොකරන ලද සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීම, කප්පාදු කරන ලද ප්‍රසූත නිවාඩු ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒ්කාබද්ධ සංවර්ධන නිලධාරී සංගමය අද (සැප්. 02) කොළඹ ‌කොටුව දුම්රියපොල ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීය. ඉන් පසුව ආර්ථික අමාත්‍යාංශය ‌වෙත ඔවුහු පා ගමනින් ගිය අතර අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා ‌කොට සිය ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබිණි.

මෙහිදී අදහස් දක්වමින් ඒ්කාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසුවේ 2019 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල බඳවාගත් 16800ක් වන සංවර්ධන නිලධාරීන්ගේ පුහුණුව වසරක කාලයක් ගතවීමෙන් පසු අවසන්ව ඇතත් ඔවුන් ස්ථීර නොකර පුහුණු කාලය දෙසැම්බර් දක්වා දිගු කර ඇති බවයි. එසේම මෙම දින 84 ප්‍රසූත නිවාඩු කප්පාදු කර ඇති බවද ඔහු පවසයි. මෙම සංවර්ධන නිළධාරීන්ට පුහුණු කාලසීමාවේ දීමනාවක් ලෙස ලැබෙන්නේ 20000ක මුදලක් පමණක් බැවින් ඔවුන් ස්ථිර නොකිරීම හරහා තවදුරටත් එම සොච්චම් වැටුපෙන් ජිවත්වීමට බලකෙරී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...