පරිසර ගැටලු ගැන සාකච්ඡාවක් ඉල්ලා පරිසර ඇමතිට ලිපියක්

පරිසර ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා පරිසර සංවිධාන හා තරුණ සංගම් කිහිපයක් විසින් විසින් පරිසර අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපියේ සඳහන් කර ඇති පරිදි මැතිවරණ කාල සීමාවන්වලදී පරිසරය ආරක්ෂා කිරීමට පොරොන්දු ලබාදිය යුතු තරමේ ගැටලුවක් තිබියදී සැබෑ ලෙස පරිසරය ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීම සිදුවන්නේද යන්න බරපතල ගැටලුවකි. ඒ අනුව මේවනවිටත් පවතින පරිසර ගැටලු කිහිපයක් වන

05/2001 චක්‍රලේඛය අහෝසි කිරීමේ යෝජනාව
වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම සම්බන්ධ ගැටලුව
සිංහරාජ රක්ෂිත වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරිම සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම සිදුකර ඇති සංවිධාන වන්නේ වෙනසක තාරුණ්‍ය සංවිධානය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම, තරුණ නීතිඥයන්ගේ සංගමය, පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය පරිසර සංවිධාන එකමුතුවයි.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...