Breaking News

කටුපොල් ගැන දුන් පොරොන්දු ඇති, තහනම ගැසට් කරන්න – අඳුරත්විල චන්ද්‍රජෝති හිමි

කටුපොල් වගාව නවත්වන බවට ජනාධිපතිවරයා දැනට හතරවතාවක් පොරොන්දු වී ඇති බවත් දැන් කළ යුත්තේ පොරොන්දු ලබාදෙමින් සිටීම නොව කටුපොල් පැළ ආනයනය හා සිටුවීම රට තුළ නීති විරෝධී බවට නීත්‍යනුකූලව ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කිරීම බව පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පවසයි.

එම හිමියන් වැඩිදුරටත් පැවසුවේ,

“ලංකාවේ කටුපොල් වගාවට එරෙහි අරගලය වසර ගණනාවක් පුරා දිග්ගැස්සුණු අරගලයක්. කටුපොල් තහනම් කරන්න ඕනා, කටුපොල් හිටවන එක නවත්තන්න ඕනා කියලා මූලිකම තීන්දුව ගන්නෙ 2018 සැප්තැම්බර් 11වනදින ජාතික ආර්ථික සභාවෙන්. දෙවැනියට 2018 ඔක්තෝම්බර් 15වැනිදා එවකට සිටි ඇමති මණ්ඩලය ජාතික ආර්ථික සභාවේ තීරණය අනුමත කරනවා. ඉන්පසු ඒ රජය තමන්ගේ අවසාන කැබිනට් හමුවේදී 2019 නොවැම්බර් 11වැනිදා ලංකාව තුළ කටුපොල් ඉන්දන එක නතර කරන්න කියලා නැවත තීන්දුවක් ගන්නවා. මේක තමයි කටුපොල් තහනම් කිරීමට අදාළ ඉතිහාසය. ඉන්පස්සේ නැවත බලයට එන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවද? තමන්ගේ රාජාසන කතාවේදී කටුපොල් තහනම් කරනවා කියන්නේ පළවෙනි සැරේට නෙමෙයි. හතරවෙනි වතාවට. පළවෙනි අවස්ථාව තමයි ඔහු තමන්ගේ තිරසාර ප්‍රතිපත්තියක් කියන වැඩපිළිවෙල ඇතුලේ ලංකාවට වින කරන ශාක අවසන් කරනවා කියනවා. දෙවැනි ප්‍රකාශය ඔහු ජනාධිපති වීමෙන් පස්සේ ගාල්ලේ උඩුගම ප්‍රදේශයේ තිබුණු දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම. එතැනදී ඔහු ලංකාවෙන් කටුපොල් අවසන් කරනවා කියලා පොරොන්දුවක් දෙනවා. තුන්වෙනි පොරොන්දුව තමයි පසුගිය මහමැතිවරණය වෙලවෙ ගාල්ලට ආපු වෙලාවෙ මේ ප්‍රශ්නේ විසඳනවා කියා ලබාදුන් පොරොන්දුව. එහෙම එක දිගට පොරොන්දු දුන් ජනාධිපතිවරයා තමයි රාජාසන කතාවේදී මම කටුපොල් තහනම් කරනවා කියලා කියන්නෙ. ඉතිහාසයේ වෙච්ච පොරොන්දු සියල්ල ආපස්සට ගිය එක තමයි වුනේ. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ සිදුකළ කතාවෙදි දුන් පොරොන්දුවවත් ජනාධිපතිතුමා හරියට ඉෂ්ඨ කරයි කියලා. ලංකාවේ කටුපොල් ඉන්ධන එක ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන්න ඕනා. “

leave a reply