රැකියා ලබාදීමේදී මතුව ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා උපාධිධාරීන් අදත් විරෝධතාවයේ

අද දින රැකියා විරහිත උපාධිධාරීන් හා සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත තමන්ගේ ගැටලු ඉදිරිපත් කළ අතර ඊට සමගාමීව උතුරේ උපාධිධාරීන්ද එහි ආණ්ඩුකාරවරයා වෙත තම ගැටලු ඉදිරිපත් කිරීමට ගොස් තිබුණි.

එහදී ආණ්ඩුකාරවරයා නොසිට ඇති අතර ආණ්ඩුකාරවරයාගේ ලේකම් මුණ ගැසිම සදහා අවස්ථාව හිමි වුවත් ඔහු මෙම ගැටලු සම්බන්ධව කිසිදු දැනුවත් වීමකින් නොසිටි බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පවසයි.

පසුව මෙම ගැටලු පිළිබදව ඔහු දැනුවත් කර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රැකියා විරහිත උපාධිධාරී සංගමයට ලබාදී ඇති තොරතුරු දැන ගැනීමෙන් පසුව පිරිස විසිර ගිය බව ඔහු පැවසීය.

රජය විසින් උපාධිධාරීන්ට රැකියා 60 000 ලබා දෙන බවට මේ වන විට ප්‍රකාශකර තිබුනත් තව දුරටත් එහි පවතින ගැටලු සහ සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීම සදහා රැකියා විරහිත උපාධිදාරි සංගමයේ කැදවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් ඇතුලු පිරිසක් අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් තිබුණි. එහිදී රජයේ ප්‍රතිචාරය වී ඇත්තේ,

පෙබරවාරි 20 ට පෙර අයදුම් කල උපාධිධාරීන්ට පමණක් අභියාචනා ඉදිරිපත් කළ හැක.
(EPF / රැකියා නියුක්ත/අර්ධ රාජ්‍ය/ඌන සේවා, නම් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා යොමු කිරීමට අවස්ථාව).
හේතු දක්වා නැති සහ අනෙකුත් අයදුම්පත් පරීක්ෂා කරමින් සිටී.
පොරොත්තු ලේඛනය ඉදිරි දෙසතිය තුළ නිරවුල් කෙරේ.
වයස 45ට වැඩි අයදුම්කරුවන් සම්බන්ධ කරුණු ජනාධිපති වෙත යොමු කර ඇත.
ඩිප්ලෝමා ධාරීන්ගෙන් HNDA පමණක් සලකා බැලේ.
10,000 බඳවාගැනීම් සම්බන්ධව දිනය 26 වැනිදා ප්‍රකාශ කරන බව.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...