උසේන් බෝල්ට්ටත් කොරෝනා ආසාදනය වෙලා

ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු මළල ක්‍රීඩක උසේන් බෝල්ට් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.‬ ඔහු මේවනවිට හුදකලාව කොට රඳවා තිබෙන බව ජැමෙයිකා මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු සිය 34 වෙනි උපන්දිනය පසුගිය සිකුරාදා දින සමරනු ලැබීය. මෙම උත්සවය සඳහා සුපිරි ක්‍රිකට් තරුවක් වූ ක්‍රිස් ගේල් ඇතුලු ජනප්‍රිය තරු රැසක් සහභාගී වී සිටි බව පැවසේ.

හිටපු ජැමෙයිකානු ධාවන ශුරයා මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රථිපල අද ලැබී තිබේ. එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළිව ඇත.

උසේන් බෝල්ට් ඔලිම්පික් රන් පදක්කම අටවතාවක් දිනාගෙන තිබේ.

ජැමෙයිකාව තුළ මේ වනවිට කොරෝනා රෝගීන් 1500ක් පමණ වාර්තා වී ඇති අතර පුද්ගලයන් 16 දෙනෙකු වෛරසය හේතුවෙන් මියගොස් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...