උසේන් බෝල්ට්ටත් කොරෝනා ආසාදනය වෙලා

ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු මළල ක්‍රීඩක උසේන් බෝල්ට් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.‬ ඔහු මේවනවිට හුදකලාව කොට රඳවා තිබෙන බව ජැමෙයිකා මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු සිය 34 වෙනි උපන්දිනය පසුගිය සිකුරාදා දින සමරනු ලැබීය. මෙම උත්සවය සඳහා සුපිරි ක්‍රිකට් තරුවක් වූ ක්‍රිස් ගේල් ඇතුලු ජනප්‍රිය තරු රැසක් සහභාගී වී සිටි බව පැවසේ.

හිටපු ජැමෙයිකානු ධාවන ශුරයා මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රථිපල අද ලැබී තිබේ. එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළිව ඇත.

උසේන් බෝල්ට් ඔලිම්පික් රන් පදක්කම අටවතාවක් දිනාගෙන තිබේ.

ජැමෙයිකාව තුළ මේ වනවිට කොරෝනා රෝගීන් 1500ක් පමණ වාර්තා වී ඇති අතර පුද්ගලයන් 16 දෙනෙකු වෛරසය හේතුවෙන් මියගොස් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...