ළමා නිල් චිත්‍රපට විකිණූ රියැලිටි ගුරා සහ ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරයා සිද්ධිය යට ගැසීමේ වෑයමක්

බාල වයස්කාර දරුවන්ව ලිංගික අපයෝජන කොට අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ රූපවාහිනී රියැලිටි ගුරුවරයා සහ මෙම ජාවාරමේ ප්‍රධාන හවුල්කරුවෙකු වූ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයා මේ වන විට ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙකු හරහා ළමා අපයෝජන සිද්ධිය යට ගැසීමේ වෑයමක නිරත වන බව හෙළි වෙයි. වසර ගනනාවක් පුරා පවත්වාගෙන ගිය මෙම ළමා කාම ජාවාරමින් මොවුන් දෙදෙනා විශාල මුදල් ප්‍රමාණයක් සොයාගෙන තිබෙන අතර ඔවුන් මුදල් විසි කරමින් අපයෝජන සිද්ධියේ සාක්‍ෂි අතුරුදහන් කරවීමේ වෑයමක නිරත වෙති.

මේ වන විට මෙම අපයෝජන සිද්ධි වල පළමු විත්තිකරු වන රූපවාහිනී රියැලිටි ගුරුවරයා රිමාන්ඩ් භාරයේ සිටින අතර ඔහුගේ ජාවාරම් සගයා වූ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයා මේ වන විට තමන් සම්බන්ධයෙන් තිබෙන සාක්‍ෂි විනාශ කිරීමට ශ්‍රී ලාංකික දේශපාලකයෙකු හරහා උත්සහ දරමින් සිටියි. මෙම ළමා අපයෝජන සිද්ධිය පිලිබඳව පරීක්‍ෂණ කරමින් සිටි කොල්ලුපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්තට හදිසි ස්ථාන මාරුවක් ලබා දීම නිසා සාධාරණ පරීක්‍ෂණයක් පිලිබඳ බලාපොරොත්තු බිඳ වැටී තිබේ. කිසිම දේශපාලන හෝ මුල්‍ය වාසි නොතකමින් අපක්‍ෂපාතීව පරීක්‍ෂණ කටයුතු කරමින් අකුරැස්ස ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුවා සුනිල් වැනි ළමා දූෂකයන්ට අවනීතියේ හිඩැස් වලින් පැන යාමට නොදී ඔහුව සිර ගෙට යැවූ වරුණි බෝගහවත්ත වැනි නිලධාරීන් මෙම පරීක්‍ෂණයෙන් ඈත් කිරීම මෙම ළමා අපයෝජකයන්ට වාසිදායක වාතාවරණයක් මතු කර දී ඇත.

නිලක්‍ෂි පෙරේරා

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...