ස්නයිපර් සෙබළාගේ පුහුණු සැසිය

අම්මගේ පපුව උඩ කියල හිතපං
පොළව මත සෙමින් අඩි තියපං
තන පුඩුව මත වුණත් වැතිරී
නොදැනෙන්න ඉන්න උගනිව්
අදින් පසු ජීවිතේ ඉරියව්
මේ පාඩමේ විදියට ගෙනියව්

ගෑනිගේ පපුව උඩ වගේ දඟලන්
හති අරින්නේ නැතිව හිටපං
හුස්මක් වුණත් ගන්න ඉස්සර
සිය දහස් වාරයක් හිතපං
ඉක්මනට නිවාඩු යන්න ඕන්නං
හරියට ඉලක්කෙට වැඩේ දීපං

බිමේ පාට ම මූණෙ ගාපං
කටුසු වෙස් ගෙන නොපෙනි හිටපං
යකඩ හෙල්මට් පොත්ත දුරකට
හත්ත සේ බිම තියං ඉඳපං
බිජ්ජ පැළිලා හුජ්ජ ආවත්
ඉන්න විදියට ඔහොම ඉඳපං

දෙකක් නැතුව ම එකක් තියපං
එකෙක් ගානෙ ම ගණං කරපං
ඇද වැටෙන උන් ගණන වැඩි නං
නැගිටින්න හැකි වෙන්න පුළුවං
එහෙම නැත්නං උඹේ බොඩියත්
ගණං කර ගෙන යන්න පුළුවං

නිරපරාදේ අහකෙ අපතේ
බුලට් වැය කරනු නොහැකියි
උණ්ඩයක් උණ්ඩයක් ගානේ
ප්‍රීතිමත් පණිවිඩ ම පතපං
නළල,හදවත,බෙල්ල පමණක්
එල්ල කරලා කොකා ගහපං

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...