රු. 5000 දීමනාව වතු කම්කරුවන්ටත් ලබාදෙන්න – වතු කම්කරු මධ්‍යස්ථානය

අඩු ආදායම් ලාභී පවුල් සඳහා රජයෙන් ලබාදෙන දීමනාව වතු කම්කරු පවුල් සඳහා ලබාදී නොමැති බව වතු කම්කරු මධ්‍යස්ථානය පවසයි. කම්කරු ඇමතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ කොරෝනා වසංගතයේ පැතිරීමත් සමඟ කොළඹ වැනි නගරවල දෛනික වැටුපට වැඩ කළ වතු කම්කරුවන්ගේ ඥාතීන්ගේ ද රැකියා අහිමිවී නැවත වතුකරය වෙත සංක්‍රමණය වී ඇති නිසා ඔවුන්ගේ වියදම් ඉහළ ගොස් ඇති බවයි.

මේ කිසිවක් නොසැලකුවවද සියයට සියයක්ම වතු කම්කරු පවුල් අඩු ආදායම් පවුල් ලෙස සැළකිය හැකි තත්ත්වයක් තිබියදී ඔවුන්ට රු 5000 දීමනාව ලබා නොදීම හෙළා දකින බව වතු කම්කරු මධ්‍යස්ථානය සඳහන් කර ඇත. එසේම වැඩ නොකරන දිනවලටද වැටුප් සහිත නිවාඩු ලබාදෙන ලෙස ආණ්ඩුව පෞද්ගලික සමාගම්වලට නියෝග කර තිබුණද වතු කම්කරු ජනතාවට ඇඳිරි නීතිය හේතුවෙන් වැඩ කිරීමට නොහැකිවූ දිනවල වැටුප් ගෙවා නැති බවද වතු කම්කරු මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

වතු කම්කරු මධ්‍යස්ථානය කම්කරු ඇමතිවරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...