රු. 5000 දීමනාව වතු කම්කරුවන්ටත් ලබාදෙන්න – වතු කම්කරු මධ්‍යස්ථානය

අඩු ආදායම් ලාභී පවුල් සඳහා රජයෙන් ලබාදෙන දීමනාව වතු කම්කරු පවුල් සඳහා ලබාදී නොමැති බව වතු කම්කරු මධ්‍යස්ථානය පවසයි. කම්කරු ඇමතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ කොරෝනා වසංගතයේ පැතිරීමත් සමඟ කොළඹ වැනි නගරවල දෛනික වැටුපට වැඩ කළ වතු කම්කරුවන්ගේ ඥාතීන්ගේ ද රැකියා අහිමිවී නැවත වතුකරය වෙත සංක්‍රමණය වී ඇති නිසා ඔවුන්ගේ වියදම් ඉහළ ගොස් ඇති බවයි.

මේ කිසිවක් නොසැලකුවවද සියයට සියයක්ම වතු කම්කරු පවුල් අඩු ආදායම් පවුල් ලෙස සැළකිය හැකි තත්ත්වයක් තිබියදී ඔවුන්ට රු 5000 දීමනාව ලබා නොදීම හෙළා දකින බව වතු කම්කරු මධ්‍යස්ථානය සඳහන් කර ඇත. එසේම වැඩ නොකරන දිනවලටද වැටුප් සහිත නිවාඩු ලබාදෙන ලෙස ආණ්ඩුව පෞද්ගලික සමාගම්වලට නියෝග කර තිබුණද වතු කම්කරු ජනතාවට ඇඳිරි නීතිය හේතුවෙන් වැඩ කිරීමට නොහැකිවූ දිනවල වැටුප් ගෙවා නැති බවද වතු කම්කරු මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

වතු කම්කරු මධ්‍යස්ථානය කම්කරු ඇමතිවරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...