සඳ අවනඩුව

“බොහෝ තරු අහස මත ම
මිය ගියපු හින්දා
සඳ ඇවිත් අහසට හඬයි
පිණි කඳුළු බිඳු හංගා”
(පුවතක්)

තරු කැට එකින් එක මියෙද්දී
සඳ හිතුවෙ නැති එක ඇත්තයි
එය වෛරසයක් ව පැතිරෙතැයි
හිතන්නට ඉඩක් නොතිබුණයි
තරු බුරුතු පිටින් කඩා වැටෙද්දී
සඳට කට උත්තර නැත්තෙ ඒකයි

ඔරායන්ගෙ බඳ පටිය නිවිලා
සඳට මැසිවිලි ගොන්නයි
ඉරට පැමිණිලි කරන බව අද හෙට
සිකුරු තරුව තැන තැන කියමින් ඇවිදියි
හත්දින්නත් තරු පොකුරෙත්
ඇතැම් තරු ඩිම් බව සැලවෙයි
සඳ අන්ත අසරණව වලාවක හැංගෙයි

අහස දෙස බලනා විටදි අද නිදහසේ
තරු හුඟක් අඩු බව පේන්නේ ඒකයි
රන් තැටියක් බඳු සඳ අද
දකින්නට නෑ තමයි
පොළොවේ වගෙම අහසෙත්
ගැටළු ඇති බව පේන්නට තිබෙයි

සඳ වරින් වර කඩමණ්ඩියට එයි
හවසට ටිකක් බොන බවත් පැවසෙයි
කළු වලාකුළු අතරෙ නිති සරමින්
ග්‍රහ වස්තු දකින විට හැංහෙයි

මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...