අර්බූදයෙන් ගැලවීමට OPEC නිෂ්පාදනය අඩු කරයි

ඔපෙක් සාමාජික රටවල් මැයි සහ ජුනි මාසවල තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 9.7 කින් අඩු කිරීමේ එකඟතාවකට පැමිණ තිබේ. කොරෝනා වයිරස් වසංගතය නිසා ඇති වි තිබෙන තත්වය හමුවේ ඉල්ලුම පහත වැටීම සහ ලොව පුරා ඇති සීමිත ඉල්ලුම සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කිරීමෙන් ඇතිවී තිබෙන පාඩු අවම කර ගැනීමට මේ තීරණය ගත් බව පැවසේ . ඔපෙක් සංවිධානය ලෝකයේ තෙල් සංචිතවලින් දළ වශයෙන් 2/3 ක් සංචිතවලින් 78% ක් දරයි.

මේ වසරේ ජනවාරි මුල WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 63 ක් වූ අතර අප්‍රේල් 17 වන දින ඩොලර් 18 ක් විය. අනෙක් අතට Brent බැරලයක මිල ඩොලර් 28 ක් වුවද වසර ආරම්භයේදී එහි මිල ඩොලර් 70 කට ආසන්නය.

1999 මාර්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට WTI බැරලයක මිල ඩොලර් 13.48 දක්වා පහත වැටී තිබේ .ඒ අතරම, වෙළඳ දත්ත වලට අනුව දහවල් 1: 25 ට (මොස්කව් වේලාවන් ), උතුරු මුහුදු Brent හී මිලද 3.6% කින් පහළ ගොස් ඩොලර් 27.09 ක් විය.

තව දුරටත් බොරතෙල් මිල පහළ වැටෙමින් තිබෙන මුත් මිළ පහළ යෑමේ වාසිය බොහෝ රටවල ජනතාවට ලැබී නැහැ .

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...