Breaking News

අග‍්‍රාමාත්‍ය ජුසෙප්පෙ කොන්තෙගෙ පමාවූ කථාව

තීමස් විජිත්

අග‍්‍රාමාත්‍ය ජුසෙප්පෙ කොන්තෙ Giuseppe Conte අද දහවල් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිත අතර කොරොන වයිරස් හදිසි අවස්ථා සහ නව සීමා පැනවීමේ උපාය මාර්ග අග‍්‍රාමාත්‍යවරයා විසින් ප‍්‍රකාෂයට පත්කරණු ඇත. නව සීමාවන් සඳහා රජය වෘත්තීය සමිති සමග සාකච්ඡුා කිරීමේ මාවත තෝරාගෙන තිබේ. පූර්ව ක‍්‍රියාමාර්ග කල් ඉකුත් වන අපේ‍්‍රල් 13 න් පසු අනුගමනය කළ යුතු සීමාවන් පිළිබඳ ගැටළුව විසඳීම සඳහා සමාජ ක‍්‍රියාකරුවන් සමගද ඔහු සාකච්ඡුා කලේය. නව නියෝගය සකස් කිරීමට ඇති ව්‍යතිරේකයන් ඉතා ස්වල්පයක් බව දැනටමත් දන්නා කරුණකි. මේවායින් එකක් වන්නේ අපේ‍්‍රල් 14 අගහරුවාදා සිට සමහර ආයතන නැවත විවෘත කරන්නට කෙරෙන යෝජනාවයි. ඒ අතරට පොත් සාප්පු සහ ලිපි ද‍්‍රව්‍ය වෙළඳසැල් ගැන සැලකිලිමත් වනු ඇත. මෙතෙක් පැනවූ සීමා කම් හේතුවෙන් ආර්ථිකය අඩාල වූ නමුත් සෞඛ්‍ය දෘෂ්ටි කෝණයකින් බලන විට ධනාත්මක පිළිතුරු ලැබී ඇත. අද වන විට සෞඛ්‍ය අංශයේ ජේෂ්ඨ සභාපති වරයා Brusaferro විසින් මෙතෙක් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග ධනාත්මක යැයි අර්ථ දක්වා ඇත. මේ වන විට මෙය පැතිරීම පැහැදිලිවම පහත වැටීමේ තත්වයක් පෙන්වන නමුත් කිසිවකු තම ආරක්ෂාව පිළිබඳ අවධානය අතහැර නොදැමිය යුතු බවද අවධාරණය කරයි. එමෙන්ම ඔහු සියලූ පුරවැසියන්ගෙන් ආයාචනයක් කළේ අපි උත්සව සමයක සිටිමු. අවාසනාවට, මේ වසරේ අපට එය ඉහලින් සමරන්නට නොහැක. පාස්කු උත්සවයේදී අපට හැගීම් තුළ එක්සත් වීමට සිදුවනු ඇත, නමුත් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් යැයි ප‍්‍රකාෂ කළහ.

දත්ත
සිවිල් ආරක්ෂණයේ නව දත්ත මගින් මේ වන විට ඉතාලියේ මෙම වෛරසය පාලනය කිරීමේ සතුටුදායක තත්වයකට පත් වෙමින් තිබෙන බව පෙන්නුම් කරන මුත් එය කිසිසේත්ම අවධානය අඩුකිරීමට හේතුවක් නොවන බව ප‍්‍රකාෂ කරයි. නේවාසික රෝගීන් ගනන පහත වැටෙමින් තිබේ, බරපතල හා අඩු බරපතල, නව රෝගීන් සංඛ්‍යාව අප්‍රේල් 9 දිනට සාපේක්ෂව යම් වැඩිවීමක් අද පෙන්නුම් කලේය. සුව වූ අය දෙදහසකට ආසන්න ය. මරණ සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතී. පසුගිය පැය විසිහතර තුළ පුද්ගලයින් 610ක් මියගොස් ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 18,279 දක්වා ගොස් ඇත. සිවිල් ආරක්ෂණ ප‍්‍රකාශයේ දත්ත අනුව රෝගීන් 1615ක් ලෙස වැඩි වීමක් පෙන්නුම් කරයි (ඊයේ මෙය 1195 ක් විය).

වෛද්‍යවරු 107 දෙනෙක් මිය ගියහ
කොවිඞ් 19 විසින් මේ වන විට ඝාතනය කරන ලද ඉතාලි සුදු කබා ලැයිස්තුව වැඩි වෙමින් පවතී. මේ වන විට වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන් 107 දෙනෙකු මියගොස් තිබේ. ජාතික ශල්‍ය වෛද්‍යවරුන්ගේ හා දන්ත වෛද්‍යවරුන්ගේ සම්මේලනය පවසන්නේ ඉන් 9 දෙනෙක් දන්ත වෛද්‍යවරුන් වූ අතර, එක් අයෙක් සාමාන්‍ය වෛද්‍යවරයකු මෙන්ම දන්ත වෛද්‍යවරයෙකි. ඉතිරි වෛද්‍යවරුන් 97 දෙනාගෙන් 43 දෙනෙක් සාමාන්‍ය වෛද්‍යවරු වූහ. හෙදියන් 28 ක්, ෙඖෂධවේදීන් 6 දෙනෙක්. අවසන් වරට මියගිය වෛද්‍යවරුන් වන්නේ රෝමයේ නාරිවේද විශේෂග්ඳ එදොආර්දෝ වාල්ලි සහ සහ ඇලෙස්සැන්ඩි‍්‍රයා රෝහලේ වෛද්‍යවරයකු වන නබිල් ක‍්‍රාබියෙ බවයි.

රෙජෝනෙ කලාබි‍්‍රයා සභාපති ජෝලෙ සන්තෙල්ලි විසින් පසුගිය මාර්තු 17 වනදා සිට රතු කලාපයක් ලෙස නම් කර තිබෙන කොෂෙන්ස පලාතේ සන් ලූචිදෝ නගර සභාවේ කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා පියවර තවත් දැඩි කර තිබේ. හදිසි අවස්ථා ආරම්භයේ සිට ඊයේ දිනවන විට පැනවූ නියෝග ගනන 27කි. අද වන තෙක් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග නොතකා, රෝගීන් 52 දක්වා වර්ධනය වී ඇත. ඉන් 4 ක් මියගොස් ඇති අතර, 2020 මාර්තු 17 දිනයේ සිට වැඩිවීම 900% ක් පමණ වී තිබීම මෙම තීරණයට හේතුව වී තිබේ.

අප්‍රේල් 13 වන දින දක්වා කිසිවක් වෙනස් නොවනු ඇත, පසුගිය සති කිහිපය තුළ තීරණය කරන ලද සීමා කිරීමේ පියවරයන් තවමත් පවතී. ආසාධන ප‍්‍රස්තාරයේ වක‍්‍රය කෙරෙහි ඇස් සියල්ලම යොමු වී ඇති අතර මියගිය 15,000 කට අධික පිරිසකගේ සමීපතමයන් වැලපෙති. මේ වන විට වසංගතයේ උච්චතම ස්ථානයට පැමිණ තිබේ නම්, එහි බැසයාම ආරම්භ වන්නේ කවදාද යන්න තේරුම් ගැනීම අවශ්‍ය වේ. (ඔබ නොදන්නා බැවින්) මිනුම්වල ලිහිල් කිරීමක් තක්සේරු කිරීමට සහ දෙවන අදියර ගැන සිතීමට පටන් ගැනීමට ඉඩ ලැබෙන්නේ තවමත් නොදන්නා අනතුර බැසයෑම ආරම්භ වන්නේ කවදාද යන අවබෝධයට අනුව බවයි. එතෙක් කොරෝනා වෛරසය සමග සහජීවනයෙන් කටයුතු කිරීමට සිදුවේ.

ඊයේ රාත‍්‍රී 8.20ට පැවැත්වීමට නියමිතව තිබූ ඉතාලි අගමැති ජුසෙප්පෙ කොන්තේ මහතාගේ මාධ්‍ය හමුව අද අප්‍රේල් 10 වන දින පස්වරු 2 ට (පසුව පස්වරු 3 ට පසුව පස්වරු 5ට) පවත්වන බව ප‍්‍රකාෂ කලද මේ වන විට එය රාත්‍රී 7.30 දක්වා කල් දමා ඇත. ප‍්‍රමාදයට හේතු පිළිබඳ විවිධ පාර්ෂව මේ වන විට සැකයන් මතු කරමින් සිටී. එමෙන්ම සියලූ ජනතාවගේ අවධානය යොමුවී ඇති මෙම සාකච්ඡුාව තුලින් lockdown මැයි 3 වනදා දක්වා තවත් සති 2 ක් සඳහා රට වසා දැමීම නිවේදනය කිරීමට අමතරව Mes (Meccanismo Europeo di Stabilità) ගිවිසුම (යුරෝපා සංගමයේ රටවල් නගාසිටුවීමට අදාල ක‍්‍රමවේදය) පිළිබඳ කරුණු ප‍්‍රකාෂයට පත්කරාවියැයි බලාපොරෝත්තුව සිටී.

මාර්තු අග සහ අප්‍රේල් මුල් සතිය ආරම්භයේ දී දෙවරක්ම කල් දැමීමෙන් පසුව, යුරෝපා සංගම් රටවල් අවසානයේ කොරෝනා වෛරස් හදිසි අවස්ථාව සමග කටයුතු කිරීම සඳහා භාවිතා කළ යුතු ක‍්‍රමවේදයන් පිළිබඳ එකගතාවකට පැමිණ ඇති අතර, පැරණි මහාද්වීපය බිත්තියට හේත්තු කරමින් මේ දක්වා ඊට සූදානම් වීමේ පමාව පිළිබඳව විවිධ පාර්ෂව වලින් දෝෂාරෝපණ එල්ලවෙමින් තිබේ.

නෙදර්ලන්තය හා ජර්මනිය ඉහළ කොන්දේසි සහිතව ණය ලබාදීම් යෝජනා කල අතර එය වසර 5 සහ 10 ක් විය යුතු බවට අවසාන මොහොත දක්වාම උත්සහ කලහ. එහෙත් ඉතාලිය ස්පාක්‍ද්ක්‍දය සමග එක්ව ඊට විරුද්ධ වූ අතර ණය ගෙවීමේ කාල සීමාව අවුරුදු 30 සිට 50 දක්වා විය යුතු බවට තර්ක කලා.

අවසානයේදී, යුරෝපා සංගමය ඊට අදාලව කොන්දේසි විරහිතව එකගතාවයන්ට පැමිනි අතර කෙසේ වෙතත්, මෙම නම්‍යශීලිත්වය භාවිතා කළ හැක්කේ කොරෝනා වෛරස් හා සම්බන්ධ සෞඛ්‍ය වියදම් සෘජුව හෝ වක‍්‍රව හෝ මූල්‍යමය වශයෙන් හෝ රෝග වැළැක්වීමේ හා ප‍්‍රතිකාර සඳහා වන වියදම් සඳහා පමණි.

අවසානයේදී රාත‍්‍රී 7.30 ට ජුසෙප්පෙ කොන්තෙ අගමැතිවරයා, කොරෝනා වයිරස් හදිසි අවස්ථාව පිළිබඳ ඉතාලියට වැදගත් යාවත්කාලීන කිරීම් ලබා දීම සඳහා සජීවී මාධ්‍ය හමුව පවත්වන ලදී.

මෙතෙක් ක‍්‍රියාත්මක කල මිනුම් දඩු දීර්ඝ කිරීම
මෙතෙක් අප ක‍්‍රියාත්මක කල පියවර මැයි 3 දක්වා දීර්ඝ කරමු. මෙය අත්‍යාවශ්‍ය ක‍්‍රියාවළියක් බවට විවිධ සංවිධාන සමග මා පැවති සාකච්ඡුා වලින් පසු ගනු ලැබූ තීරණයකි. විශේෂයෙන් විෂයේ ප‍්‍රවීණයන්, ඇමතිවරුන්, කලාප, පළාත්, නායකයින් වෘත්තීය සමිති ඇතුලූ විවිධ සංවිධාන සමග මා සාකච්ඡුා කල අතර ඒ හැමගේම මෙන්ම තාක්ෂණික විද්‍යාත්මක කමිටුව අපට තහවුරු කිරීමක් ලබා දුන්නේ මෙම තත්වය තව දුරටත් පවත්වා ගත යුතු බවටයි. වසංගත රෝග වක‍්‍රයේ සලකුණු දිරිගන්වන සුළුය. එය යහපත් ප‍්‍රතිපල ගෙනදෙමින් තිබේ. මෙතෙක් දැරූ උත්සාහයන් අහෝසි කළ නොහැක. අප සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින්නේ පාස්කු ඉරිදා ලගා වෙමින් තිබියදීත් අපි දිගටම අවධානය යොමු කළ යුතු බවයි.

නැවත ආරම්භ කිරීම
අපගේ බලාපොරොත්තුව නම් අපට නැවත ප‍්‍රවේශමෙන් කටයුතු ආරම්භ කළ හැකිය යන්නයි. ඒ වෙනුවෙන් තවදුරටත් උත්සාහ කළ යුතු අතර, මෙම නිවාඩු දිනවල පවා නීතිරීතිවලට ගරුකරමින් සමාජ දුරස්ථභාවය දිගටම පවත්වා ගත යුතුය. මෙය නිෂ්පාදන ක‍්‍රියාකාරකම් සඳහා ද අදාළ වේ. සෞඛ්‍ය ආරක්ෂණය ඉතා වැදගත්, අපි ක්ෂේත‍්‍රයේ අවශ්‍යතා කිරා මැන බැලීමට උත්සාහ කරමු. අපි සමාජ ආර්ථික තත්වයත් සැලකිල්ලට ගනිමින් හැකි ඉක්මනින්, අපේ රටේ යාන්ත‍්‍රණය ආරක්ෂිත තත්වයන් තුළ නැවත ආරම්භ කිරීම සඳහා වන පියවර ලිහිල් කිරීමට අපට අවශ්‍යය, නමුත් අප මේ මොහොතේ එම තත්ත්වයේ නොමැත. මැයි 3 ට පෙර කොන්දේසි ඇති වුවහොත් අපි ඒ අනුව කටයුතු කරන්නෙමු. අප්‍රේල් 14 සිට අපි ලිපි ද‍්‍රව්‍ය වෙළඳසැල්, පොත් සාප්පු, ළදරුවන් සහ ළමුන් සඳහා සාප්පු නැවත විවෘත කරමු. වනාන්තර කැපීම සහ වන වගා කටයුතු ද අපි නැවත විවෘත කරමු. දෙවන අදියර සඳහා වැඩ දැනටමත් ආරම්භ කර ඇත, වෛරසය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වන තෙක් අපට බලා සිටිය නොහැක.

දෙවන අදියර
මූලික අවධියෙන් පසු අපි කුළුණු දෙකක් මත රැඳී සිටින වැඩ සටහනක් සඳහා වැඩ කරමින් සිටිමු. ප‍්‍රවීනයන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් පිහිටුවීම සහ රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන් ආරක්ෂක කොමිසමක් පිහිටුවීමයි. සමාජ විද්‍යාර්ථයින්, මනෝ විද්‍යාග්දයින්, කළමනාකරුවන්, තාක්ෂණික විද්‍යාත්මක කමිටුව සමග සංවාදයක් පවත්වාගෙන යනු ඇත. මෙතෙක් මුල් බැස ඇති කාර්යයේ තාර්කිකත්වය වෙනස් කිරීමට අපට හැකියාව ඇත. මෙම කණ්ඩායමේ සභාපතිත්වය දරන්නේ විටෝරියෝ කොලාවෝ වන අතර විවිධ පෞරුෂයන් ද ඊට ඇතුළත් ය. විද්‍යාර්ථයින් විසින් රැකියා ස්ථානයේ ආරක්ෂණ ප්‍රොටෝකෝල් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත. අප සියලූ දෙනා තම සේවා ස්ථාන විෂබීජහරණයට ලක්කිරීම හා සැමගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලා සිටිමු. එමෙන්ම අප රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රොටෝකෝලය යාවත්කාලීන කරමින් සිටිමු. ,.

ප‍්‍රවාහනය
අපගේ ඉලක්කය වන්නේ වෛරසය පැතිරීම පාලනය කිරීමයි. මෙය පැතිරීමේ රේඛාවේ වක‍්‍රය නැවත පුපුරා යාම අපට දරාගත නොහැක. ප‍්‍රවාහන හා සැපයුම් පිළිබඳ සමහර තර්ක අප නැවත සිතා බැලිය යුතුය. පොකුරු ගැසීම වලක්වාලන නව ප‍්‍රවාහන ක‍්‍රම දිරිගැන්විය යුතු ආකාරය අප තේරුම් ගත යුතුයි.

යුරෝපය
මෙම හදිසි තත්වයට මුහුණ දීම සඳහා යුරෝ මිලියාර්දි (බිලියන)1500 ක් පමන අවශ්‍ය වේ. ගුවල්තියෙරි ඊයේ විශාල වැඩ කොටසක් කළා. වඩා අභිලාෂකාමී තත්වයක් ගොඩනැගීම සඳහා වැඩි වැඩ කොටසක් අවශ්‍ය වේ. ප‍්‍රධාන සටන වන්නේ යුරෝපා රටවලට අරමුදල් සපයන ප‍්‍රධාන අරමුදලකි. ප‍්‍රධාන අරගලය වන්නේ සමාජ ආර්ථික සටන ජය ගැනීම සඳහා බලය සහිත ප‍්‍රබල අරමුදලක අවශ්‍යතාවයයි. අප ප‍්‍රමාද වුවහොත් එය ප‍්‍රමාණවත් නොවනවා මෙන්ම එසේ වුවහොත් ආර්ථික ව්‍යුහය ඊටත් වඩා අවපාතයට පත් විය හැකිය. ඒ පිළිබඳ යම් පැහැදිලි කිරීම් කළ යුතුව ඇත. Mes වැඩසටහන 2012 සිට පැවතුනි, මතේයෝ සල්විනි සහ ජෝර්ජා මෙලෝනි විසින් ව්‍යාජ ලෙස ප‍්‍රකාශ කළ පරිදි එය දැන් ක‍්‍රියාත්මක වන තත්වයක් නොවේ. මෙම රජය ඉතාලියානුවන්ගේ මුහුණට පැහැදිලිව කථා කරයි. යුරෝපා සංගමය මේ මොහොතේ කිසිවක් අත්සන් කර නැත, මෙය බොරුවකි. ඉතාලියට Mes වැඩපිළිවෙල අවශ්‍ය නැත, මෙම දුෂ්කර සටනේදී අපි ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව අවසානය දක්වා කටයුතු කරන්නෙමු. පළමු වතාවට අපි නිශ්චිතවම මෙම වැඩසටහන් පිළිබඳ අනෙක් රටවල් මත බලපෑම් කරමින් ඒ වෙනුවෙන් කල අරගලය හේතුවෙන් දැන් අනෙකුත් රටවලට මෙම වැඩපිළිවෙල පිළිගැනීමට සලස්වා ඇත. අපි අවසානය දක්වා සටන් කරන්නෙමු. අපට ඔබගේ උදව් අවශ්‍යයි. අසත්‍යයන් සහ මුසාවන් අපට රිදවයි. එම අසත්‍යයන් තුලින් දුර්වල වන්නේ කොන්තෙ වන මම නොව ඉතාලියයි. එය ඉතා දුෂ්කර සාකච්ඡුාවකි. තවත් රටවල් 26 ක් ඇත, අපි එකට වැඩ කළ යුතු අතර ඔවුන් සමග අප සහයෝගයෙන් වැඩකල යුතු වෙමු. ජර්මානු සහ ලන්දේසි ජනතාව සමග කතා කළ යුතුය. අපගේ ගෞරවය, ධෛර්යයේ ශක්තිය ප‍්‍රකාශ කළ යුතුය. මෙම කොන්දේසි යටතේ මෙම විවාදය දිගටම පැවතුනහොත්, අපගේ ශක්තිය අඩපණ කිරීමේ අවදානමක් ඇත. සමස්තයක් ලෙස යුරෝපීය ප‍්‍රතිචාරය මම ඇගයීමට ලක් කරමි. අපි යුරෝ අරමුදල සඳහා සටන් කරන අතර මෙවැනි මෙවලමක් ප‍්‍රමාණවත් නොවන බවත් මම පැහැදිලි කරමි. අවශ්‍ය වන්නේ සියලූ ටවල් පොදු අභිලාෂයකින් යුතුව මෙම තත්වයට මුහුණ දීමට කටයුතු කල යුතු බවයි.

Mes වැඩසටහන
බොහෝ රටවල් වෙත දැනටමත් පවතින ක‍්‍රම වේදයන් ගැන අප අවධානය යොමු කෙරුවෙමු. මම පැවසුවේ මේ මොහොතේ Mes වැඩපිළිවෙල ගැන කතා නොකරන ලෙසත් වඩාත් පැහැදිලි වැඩපිළිවෙලක් වෙනුවෙන් අවධානය යොමු කිරීම සඳහා මම පැවසුවේ මෙම වැඩපිළිවෙල පිළිබඳ ඉතාලිය උනන්දුවක් නොදක්වන බවයි.

තීමස් විජිත්

leave a reply