Breaking News

පහසුකම් නැත්තං ඉවත් වෙනවා මහජන සෞඛ්‍ය සේවකයෝ

අවශ්‍ය අවම ආරක්‍ෂිත පහසුකම්වත් නැහැ – කොරෝනා මර්දනයෙන් PHI ඉවත්වීමට සූදානමින්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (පී එච් අයි ) හට කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමට අදාළ කාර්යයන් සිදු කිරීමේදී අවශ්‍ය ආරක්‍ෂිත, ප්‍රවාහන, ආහාර ඇතුලු පහසුකම් ඇතුළු මුලික පහසුකම් සැපයීමට ක්‍රියා නොකරන්නේනම් මසකට ආසන්න කාලසීමාවක් පවත්වාගෙන ආ කොරෝනා වසංගත පාලන කටයුතු අනිද්දා (04දා ) සිට නවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියට ලිපියක් යොමුකරමින් ඔවුන් මේ බව දන්වා ඇත. තමන් පමණක් නොව තමන්ගේ දරුවන්ගේ හා පවුලේ සාමාජිකයින්ගේ ජීවිත අවදානමද නොතකමින් රාජකාරි කටයුතු සිදු කළද තම සාමාජිකයින්ට අවම ආරක්‍ෂිත පහසුකම්,ක්ෂේත්‍ර රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම්,ආහාර ඇතුළු මුලික පහසුකම් හා අත්‍යවශ්‍ය නෛතික ප්‍රතිපාදන නොසපයමින් බළධාරීන් විසින් ඔවුන්ව අවදානමකට ලක් කර ඇති බව සෞඛ්‍ය ලේකම්වරිය වෙත යවන ලද ලිපියෙහි සඳහන් කර තිබේ.

පහත සඳහන් ගැටළු එම ලිපියේ සඳහන් කර ඇත.

අවම ආරක්‍ෂිත පහසුකම් නොසැපයීම
ක්ෂේත්‍ර රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් ලබා නොදීම
ආහාර ඇතුළු මූලික පහසුකම් ලබා නොදීම
අත්‍යවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් නොකරමින් නිලධාරීන් අවධානමේ හෙළීම

මෙම දිනවල හඳුනාගනු ලබන කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ පවුල්වල සාමාජිකයින් හා අසල්වාසීන් නිරෝධායනය කිරීමේ කටයුතු , ස්ථාන ජීවානුහරණය කිරීමේ කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් සහභාගී වේ. මේ කටයුතු කිරීමේදී ඔවුන්ට අවශ්‍ය අත්වැසුම්ම, මුඛ ආවරණ, ආරක්‍ෂිත ඇඳුම් ආදිය නොලැබෙන බව වාර්තා වේ. ඊට අමතරව අවශ්‍ය ස්ථානවලට යාම සඳහා ප්‍රවාහන පහසුකම් නොලැබීමද ගැටලුවක් ලෙස පවතියි. සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලංකා වීව්ස් වෙත සඳහන් කළේ මෙම කටයුතු කිරීමේදී සමහර පුද්ගලයන් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන නිසා පොලීසියේ හෝ ආරක්ෂාව ලැබීම වැදගත් බවයි.

මෙවැනි මොහොතක සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය ඉතා වැදගත් වේ. එහිදී ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුව ඉතා ඉක්මණින් කටයුතු කළ යුතු අතර ඔවුන්ට අවශ්‍ය මෙම පහසුකම් නොදීම යනු වසංගත පාලනයට ගන්නා උත්සාහයන් අපතේ යැවීමකි.

leave a reply