Tag: prison

  • පුනුරුත්ථාපන කාර්යාංශ පනත තවත් මර්දන පනතක්ද?

    පුනුරුත්ථාපන කාර්යාංශ පනත තවත් මර්දන පනතක්ද?

    පනතේ අරමුණ කුමක්ද හෝ කවුරුන් සඳහා ක්‍රියාත්මක කරන්නේද යන්න පැහැදිලි නොමැති පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත වී තිබේ. පනතට පක්ෂව ඡන්ද 23 ලැබුණ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හයක් පමණි.

    ඒ අවස්ථාවේ සභාවේ සිටි සමගි ජන බලවේගය පක්ෂයේ සහ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුනි.

    නීතිවේදීන් පවසන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මුවාවෙන් සම්මත වුවත් මෙහි අරමුණ වෙන එකක් බවයි. එයට හේතුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන හා ප්‍රතිකාර පනත යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට හැකි වීමයි. පුනරුත්ථාපන පනත් කෙටුම්පත තුළ එම පනත් කෙටුම්පත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින්ට අදාළ නොවන බවද දක්වා තිබේ.

    එසේම නීතිවේදීන්ගේ අදහස වන්නේ ආණ්ඩුවට විරුද්ධ විශේෂයෙන් පසුගිය කාලයේ පැවති අරගලය හා සම්බන්ධ වූ පුද්ගලයන් මේ පනත යොදාගෙන මර්දනය කිරීමේ සැලසුමක් ඇති බවයි. මේ පනත අනුව නඩු විභාගයකින් තොරව පුද්ගලයන් සිරකර තැබිය හැකි බවද ඔවුන්ගේ අදහසයි. ඒ අනුව මෙම පනතද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සේම මර්දනකාරී පනතකි.

  • ආණ්ඩුවේ මර්දන සැලසුම් තවදුරටත් ක්‍රියාත්මක කරන්න බැරි බව ඔප්පු වුණා – අන්තරේ වැඩබලන කැඳවුම්කරු

    ආණ්ඩුවේ මර්දන සැලසුම් තවදුරටත් ක්‍රියාත්මක කරන්න බැරි බව ඔප්පු වුණා – අන්තරේ වැඩබලන කැඳවුම්කරු

    තවදුරටත් ආණ්ඩුවේ මර්දන සැලසුම් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ඊයේ විරෝධතාවයේදී ඔප්පුවූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු ටෙරන්ස් රුද්‍රිගෝ පවසයි. අද දිනයේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින වසන්ත සහ සිරිධම්ම හිමි බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේ අදහස් දක්වමින් වැඩබලන කැඳවුම්කරු පැවසුවේ ආණ්ඩුවේ සැලසුම් වී තිබෙන්නේ විවිධ හේතු ඉදිරිපත් කරමින් වසන්ත සහ සිරිධම්ම හිමි තවත් මාස කිහිපයක් රිමාන්ඩ් කර තබාගැනීම බවයි.

    ටෙරන්ස් රුද්‍රිගෝ වැඩිදුරටත් පැවසුවේ,
    “කිසිම සාක්ෂියක් නොමැතිව රැඳවුම් නියෝග යටතේ මාස 03ක් රඳවා තබාගෙන හිටියා. මාස 03 ඉවර වෙන්න කලින් දවසේ එනම් 17 වෙනිදා හොර රහසේම අඩුම තරමේ නීතිඥවරයෙක්වත් සම්බන්ධ නොකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකරලා වසන්ත සහ සිරිධම්ම හාමුදුරුවෝ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබාගෙන ඉන්නවා. ඇයි අධිකරණයට ඉදිරිපත් කරද්දී නීතිඥවරයෙක්වත් සම්බන්ධ නොකරේ. ආණ්ඩුවේ මේ සැලැස්ම, ටිරාන් අලස්ලාගේ දේශබන්ධු තෙන්නකෝන්ලාගේ මේ සැලැස්ම වෙලා තියෙන්නෙ තව මාස කිහිපයක් රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුලේ රඳවා තබාගෙන ඉන්නේ කියන එක. නීතිපතිගේ උපදෙස් ලැබෙනකම් කියකිය දවසින් දවස කල් දම දමා තව මාස 05ක් 06ක් කල්තබා ගැනීම තමයි ආණ්ඩුවේ අවශ්‍යතාවය වෙන්නේ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මේ ආණ්ඩුව විසින් යොදාගන්නේ තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් වදින බලවේග මර්දනය කිරීමට බව වසන්ත සහෝදරයා අප හමුවූ අවස්ථාවේ කිව්වා. වසන්ත සහ සිරි ධම්ම හාමුදුරුවෝ නිදහස් කරගැනීම වෙනුවෙන් අපි ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මේ රටේ අරගලය විශ්වාස කරන සාමුහිකත්වය විශ්වාස කරන සියලු බලවේග සමඟ එකතුව සටන් කරනවා. රනිල් වික්‍රමසිංහට, රනිල් වික්‍රමසිංහ ඉස්සරහා තියාගෙන ඉන්න රාජපක්ෂ හැතිකරේට ඒවගේම පොලිස් ඇමති ටිරාන් අලස්, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු සියලු පාර්ශවවලට කියනවා උඹලගේ සැලසුම් දැන් අක්‍රීයයි. උඹලා ඊයේ දැක්කනේ. උඹලගේ සැලසුම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න බැහැ. ඒ නිසා වසන්ත සහ සිරිධම්ම හාමුදුරුවෝ නිදහස් කරන්න. ඒ වගේම ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහාම හකුලා ගත යුතුයි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින සියලු සිරකරුවන් වහාම නිදහස් කළයුතුයි කියන කාරණය නිශ්චිතව මතක් කරනවා. ඊයේ පාඩම කියවගන්න. අපි ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස සියලු ප්‍රගතිශීලී බලවේග සමඟ එකතුව මේ සහෝදරවරුන් නිදහස් කරගැනීමට අපේ ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් වඩාත් ජවසම්පන්නව ඉදිරියටත් කරනවා කියන එක කියනවා. “

  • හිරගෙදර පෝසතුන්ට කාමර දීලා දුප්පතුන්ට බත් එක ලබාදීමත් නවත්වන නව නීතියක්

    හිරගෙදර පෝසතුන්ට කාමර දීලා දුප්පතුන්ට බත් එක ලබාදීමත් නවත්වන නව නීතියක්

    රක්ෂිත බන්ධාගාරගතව සිටින රැඳවියන් සම්බන්ධයෙන් අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ අත්සනින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා හිරගෙදර පෝසතුන්ට කාමර දීලා දුප්පතුන්ට ගෙදරින් බත් එක ගේන එකත් නැවත්වීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

    එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ නව ගැසට් නිවේදනය ගැන අදහස් දක්වමින් පැවසුවේ,

    ජුලි 12වැනිදා දිනැතිව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් 1920 මාර්තු මස 19 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය වෙනස් කර තිබෙනවා. මේ මගින් වෙනස් කරලා තියෙන්නේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තවමත් වරදකරුවන් බව ඔප්පුවී නැති අය සම්බන්ධයෙන් පවතින නීතියයි.

    මෙතෙක් කල් පැවතුනු නීතියට අනුව සතියේ දින 05ක් 06ක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අයගේ ඥාතීන්ට ඔවුන්ව බලන්න එන්න පුළුවන් කම තිබී ඇත. මේ නව නීතිය හරහා සතියට එක්වරක් දක්වා එය අඩුකර තියෙනවා. ඒ වගේම රැඳවියන්ට ආහාර, ඇඳුම් පැළඳුම් සහ කඩදාසි ගෙනෙන්න ලබාදී තිබූ අනුමැතිය දැන් අහෝසි කර තිබෙනවා. ඒවගේම දැනට තියෙන නිතිය හරහා රැඳවියන් ඔවුන් සිටින සිරකුටිවලින් එළිමහනට ගැනීමට දිනකට පැය 06ක් 08ත් අතර කාලයක් නියම කර තිබූ අවස්ථාව දැන් පැයකට සීමා කර තිබෙනවා.

    මේ නව නීතිය හරහා මුදල් තිබෙන අය සඳහා වෙනම වරප්‍රසාද නියම කර තිබෙනවා. උදාහරණයක් ලෙස මෙම ගැසට් නිවේදනයට අනුව මුදල් ගෙවා කාමරයක්, එයට අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාගන්න පුළුවන්. මේ හරහා සිදුවීමට නියමිතව ඇත්තේ බන්ධාගාරය තුළ ධනය බලය ඇති මිනිස්සුන්ට එක විදිහකටත් ධනය බලය නැති මින්ස්සුන්ට වෙනස් විදිහකටත් සැළකීම නීතියක් බවට පත්වීම. වෙනත් වචනවලින් කිවහොත් තිළිණි ප්‍රියමාලිට එක විදිහකටත් යම්කිසි චෝදනාවකට බන්ධාගාරගතවන සාමාන්‍ය ගැහැනියකට තවත් විදිහකටත් සැළකීම. එය පසුගිය කාලයේ දිගින් දිගටම සිදුවූ දෙයක්. බන්ධාගාර ගතවන විශ්ව විද්‍යාල ශිෂ්‍යන් අසනීප වූ විට රෝහලකටත් ඇතුළත් කරන්නේ නැති වුවත් ඇමතිවරු බන්ධනාගාර ගතවූ වහාම යන්නෙ රෝහලට.

    මේ නව ගැසට් නිවේදනය හරහා කර තිබෙන්නේ ධනය බලය ඇති මිනිස්සුන්ට බන්ධාගාරය ඇතුලේ කාමරයක් වෙන්කරගෙන ගෘහභාණ්ඩ පුරෝගෙන ඉන්න සලසලා දුප්පත් මිනිස්සුන්ට ඥාතීන් විසින් ගෙනියන බත් එකත් නැතිකිරීම. බන්ධාගාර ගේට්ටුවේ සිරක්රුවොද මනුෂ්‍යයෝය කියලා ගහලා තිබුණට දෙයාකාරයට තමයි රැඳවියන්ට සලකන්නේ.

  • බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමට ඉඩ නොදෙයි

    බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමට ඉඩ නොදෙයි

    දැනට බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වේ.

    පොලිසිය විසින් පැහැරගෙන ගොස් පසුව අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් කර සිටින නිදහස් මාධ්‍යවේදී සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන වෙරංග පුෂ්පික බැලීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණේ නැත.

    එසේම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි පැතුම් කර්නර් හමුවීමට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බන්ධනාගාර නිලධාරීන් අවස්ථාව ලබා නොදීම වැරදි පූර්වාදර්ශයක් බවත්, එය ව්‍යවස්ථාපිත බලයට අභියෝග කිරීමක් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි. මෙම ප්‍රකාශය සිදුවුවේ පැතුම් කර්නර් සම්බන්ධ නඩුව අද අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු සහ විමර්ශන නිලධාරියකු ඊයේ (3) වෙරංග සම්බන්ධයෙන් සොයා බැලීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් ඇති අතර ඔහුට පොලිසියෙන් වූ වධ හිංසා ගැන තොරතුරු ලබා ගැනීම අරමුණ වී තිබේ. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඔහු හමුවීමට අවස්ථාව දිය නොහැකි බවයි.

    කොළඹ කොටුවේ පැවැති විරෝධතාවකින් පසු ගුරු මැදුර ශාලාවට යෑම සඳහා වෙරංග පුෂ්පික බස් රථයට නැග සිටියදී සාමාන්‍ය ඇඳුමෙන් පැමිණි පොලිසියේ යැයි කියාගන්නා පිරිසක් වෙරංග පැහැරගෙන ගොස් තිබිණි. නීතිඥයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඔහු ගැන සොයා බැලීමට පොලිසිය කිහිපයකට ගියද තොරතුරක් නොලැබිණි. පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත්වී පොලිසියෙන් විමසද්දී ප්‍රකාශ කර තිබුණේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත් එම කොට්ඨාසයට මානව හිමිකම් නිලධාරීන් සහ නීතිඥවරුන් යද්දී වෙරංග එහි සිටියේ නැත.

    වෙරංග පොලිසි කිහිපයකට රැගෙන ගොස් පසුදින නීතිඥ නියෝජනයද අවහිර කර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණි.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 11 ඩී සහ 28.2 යටතේ ඕනෑම ස්ථානයක රඳවාගෙන සිටින පුද්ගලයකු බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බලයක් ඇති බවත්, එය වැලැක්වීම වැරදි පූර්වාදර්ශයක් බවත් අද පැතුම් කර්නර් සම්බන්ධ නඩුවේදී ප්‍රකාශ විය.

  • මැයි 09 සිදුවීම්වලට 1000ක් රිමාන්ඩ් – දින 22ට පසු ජොන්ස්ටන් නඩුවේ සැකකරුවෙක් පමණයි

    මැයි 09 සිදුවීම්වලට 1000ක් රිමාන්ඩ් – දින 22ට පසු ජොන්ස්ටන් නඩුවේ සැකකරුවෙක් පමණයි

    සිද්ධීන්වලට අදාළව මේ වනවිට 2252 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 1010 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරයි.

    නමුත් මෙම සිද්ධීන් ඇතිවීමට මූලික ලෙස බලපෑ ගෝල්ෆේස් අරගලයට එල්ලවූ ප්‍රහාරය මෙහෙයවූ මහමොලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඉතා මදගාමීව බව දක්නට ලැබේ.

    මැයි 09 ප්‍රහාරයෙන් දින 22ට පසු ඊයේ ගෝල්ෆේස් අරගලභූමිවලට පහරදීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) කටයුතු කළා.

    ඒ අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි ඊයේ(01) යළි කැඳවු අවස්ථාවේදි.

    එසේම මැයි 09වනදා අරලියගහ මන්දිරයට පැමිණි පිරිස අතර සිටි වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට ගත්තේ පසුගිය 31වනදායි .

    එමෙන්ම ප්‍රශ්නගත මැයි 09 වනදා අරලියගහ මන්දීරයේදි ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ කතාවක් සම්බන්ධයෙන් විශේෂඥ මතය ලබාගැනීමට එම කතාව මනෝ වෛද්‍යවරුන් දෙදෙනෙකු වෙත යොමුකරන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.

    එමෙන්ම මෙම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස මහින්ද කහඳගම, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ නම් කිරීමටද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා.

    එසේම මීට පෙර දින මෙම නඩුවට අදාළව අධිකරණය හමුවේ නම කියවුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රශ්නගත දිනයේ භාවිතා කළ රාජකාරි සහ පෞද්ගලික ජංගම දුරකථන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන වෝහාරික පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බවද අයේෂා ජිනසේන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නා.

    මෙහිදි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වු ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය කියා සිටියේ මෙම සිදුවීම නොවැළැක්වීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම්කළ යුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙතෙක් සැකකරුවෙකු ලෙස නම් නොකිරීම විමතියට කරුණක් බවයි.

  • දුමින්ද සිල්වා ලෙඩ වෙයි – යළිත් අමතක වීමේ ලෙඩේ වැළඳී ඇත්දැයි සැකයක්

    දුමින්ද සිල්වා ලෙඩ වෙයි – යළිත් අමතක වීමේ ලෙඩේ වැළඳී ඇත්දැයි සැකයක්

    ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වේ.

    දුමින්ද සිල්වා මහතා එම රෝහලේ 18 වැනි වාට්ටුවට ඇතුළත්කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.

    රට පුරා ඇතිවූ විරෝධතා රැල්ලත් සමඟ පසුගිය මැයි 07 වනදා ආර්. දුමින්ද සිල්වා යන අය විදෙස්ගතව තිබුණා.

    කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර ඔහු නැවතත් දිවයිනට පැමිණ ඇති අතර ඊයේ (31) ලබාදුන් නඩු තීන්දුවත් සමඟ ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර කළා.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන අයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජූනි 24 වනදා ජනාධිපති සමාව ලබාදී තිබුණා.

    එහෙත් එම ජනාධිපති සමාව දීම අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කර තිබුණි.

    බොහෝ විට දේශපාලනඥයින්, ඉහළ නිලධාරීන් යම්කිසි චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කරන බොහෝ අවස්ථාවල ඔවුන්ට නැති ලෙඩ පැමිණීම සාමාන්‍ය ස්වභාවයයි. ඔවුන් බන්ධනාගාර ගතවූ පසුත් සිටින්නේ රෝහල් තුළයි.

    නමුත් සාමාන්‍ය සිරකරුවන්ට සිදුවන්නේ නොමැරී සිටීමට බෙහෙත් සහ ගුණාත්මක ආහාර වේලක් ඉල්ලා සිටියත් වෙඩි කෑමටයි.

  • අරගලකරුවන්ට පහරදීමට සිරකරුවන් යොදාගත්තේද යන්න ගැන විමර්ශනයක්

    අරගලකරුවන්ට පහරදීමට සිරකරුවන් යොදාගත්තේද යන්න ගැන විමර්ශනයක්

    ගෝල්ෆේස් අරගලය් සිටින සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සඳහා වටරැක බන්ධනාගාරයේ රැඳවියන් යොදා ගැනීමේ සිදුවීම ගැන විමර්ශනයක් ආරම්භ වී තිබේ.

    මේ සැකය නිර්මාණය වූයේ සිරකරුවන්යැ යි කියන පිරිකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් අනතුරුව ය.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කටයුතු යොදා තිබේ.

    ජනාධිපති කාර්යාලය අසල සහ අරලියගහ මන්දිරය අසල දී එල්ලවූ ප්‍රහාරයන්ට වටරැක බන්ධනාගාර රැඳවියන් සම්බන්ධ වූයේදැ යි විමසීම සඳහා අද දිනයේ දී (මැයි 12) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ තවත් නිලධාරියෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

    සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදුන්බවට චෝදනා නගමින් ජනතාව විසින් රඳවාගෙන සිටි පිරිසක් පිළිබඳ වීඩියෝවක් පසුගිය 09 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

    සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදුන්බවට චෝදනා නගමින් ජනතාව විසින් රඳවාගෙන සිටි පිරිසක් පිළිබඳ වීඩියෝවක් පසුගිය 09 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

  • වැලිකඩ ඝාතන නඩුවෙන් රංගජීව නිදහස් – හිටපු මැගසින් බන්ධනාගාර අධිකාරීට මරණ දඬුවම

    වැලිකඩ ඝාතන නඩුවෙන් රංගජීව නිදහස් – හිටපු මැගසින් බන්ධනාගාර අධිකාරීට මරණ දඬුවම

    2012 වසරේ නොවැම්බර් මස 9 දින වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය සම්බන්ධ සිදුවීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කර නිදහස් කිරීමටත් මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම ලබා දෙන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කර තිබේ.

    නියෝමාල් රංගජීවට පසුගියදා පොලිසිය විසින් උසස්වීමක්ද ලබාදී තිබීම විශේෂත්වයකි.

    පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනෙකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව පසුගිය 2019 වසරේ නඩු පවරනු ලැබූවා.

    මේ නඩුවේ සාක්ෂි විභාගය මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ වසර තුනකට අධික කාලයක් විභාගයට ගැනුනා.

    එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නෙවමාල් රංගජීව යන අයව නිදොස් කොට නිදහස් කළ අතර හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා හට මරණ දඩුවම නියම කරනු ලැබූවා.

    තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුුරු මඩුල්ල සදහන් කළේ මෙය තමන්ගේ ඒකමතික තීන්දුවක් බවයි.

    නඩුවේ පළමු විත්තිකරු වන නෙවමාල් රංගජීව යන අයව සාක්ෂිකරුවන් විසින් සෘජුව හදුනාගැනීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළා.

    මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ කුඩා බණ්ඩා නැමැති සාක්ෂිකරුගේ සාක්ෂිය පදනම් කරගනිමින් මෙම නඩුවේ දෙවන විත්තිකරු වන එමිල් රංජන් ළමාහේවා හට මරණ දඩුවම ලබාදීමට විනිසුරු මඩුල්ල තීරණය කර තිබුණා.

    කුඩා බණ්ඩාගේ සාක්ෂියෙන් කියැවුණේ ‘කොණ්ඩ අමිල’ නැමැති බන්ධනාගාර රැදවියාව පැහැරගෙන රැගෙන යන ආකාරය තමන් දුටු බවයි.

    ඒ අනුව එමිල් රංජන් ළමාහේවා හට එල්ලවූ 33 වන චෝදනාවට වරදකරු වෙමින් ඔහුට මරණ දඩුවම නියම වුණා.

    මෙම නඩුවට අදාළව විත්තිය සහ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ දේශන අවසන් කිරීමෙන් පසුව නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි 06 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

    පසුගිය ජනවාරි 06 වනදා පෙරවරු 11ට මෙම නඩුව කැඳවා තිබූ අතර නඩුවේ තීන්දුව ලියා අවසන් වුවත් එහි මුද්‍රණ දෝෂ සැකසීමට කාලයක් අවශ්‍ය හෙයින් තීන්දුව අද (12) පස්වරු 1.30ට දෙන බව විනිසුරු මඬුල්ල දන්වා සිටියා.

    කෙසේ වෙතත් විනිසුරු මඩුල්ල අද පස්වරු 5 පමණ වනතෙක්ම අධිකරණයට පැමිණීම ප්‍රමාදවී තිබුණා.

    මොකක්ද මේ වැලිකඩ ඝාතන නඩුව?

    2012 වසරේ නොවැම්බර් නව වෙනිදා කොළඹ වැලිකඩ සිරගෙය තුළට ඇතුල් වූ තුන්සීයක් පමණ කණ්ඩායමකින් සැදුම් ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) භටයන් පිරිසක් සිරකුටි තුළට යමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා.

    සිරකරුවන් අත ඇති අනවසර අවි ආයුධ අත්අඩංගුවට ගැනීම එම සෝදිසි මෙහෙයුමේ අරමුණ වූ බව විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර නිලධාරීන් හට දැනුම්දී තිබුණා.

    පළමුව, දරුණු අපරාධකරුවන් රඳවා තබන වැලිකඩ ‘L’ වාට්ටුව පරීක්ෂා කරමින් සිරකරුවන්ට තහනම් ජංගම දුරකථන ආදිය තමන් භාරයට ගත් විශේෂ කාර්ය බලකාය, ඉන් අනතුරුව මරණ දඬුවමට යටත් කරන ලද, එසේම ජීවිතාන්ත හෝ දීර්ඝ කාලීන සිර දඬුවම් නියමවූවන් රඳවනු ලබන ‘චැපල් වාට්ටුව’ නමින් හැඳින්වෙන සිරමැදිරි කරා ඇතුල් වීමත් සමඟ බන්ධනාගාරය තුළ තත්ත්වය දරුණු අතට හැරුණා.

    එම සිර මැදිරිවල රඳවනු ලැබ සිටි සිරකරුවන්ට මාංචු දමා සෝදිසි කිරීම සැලැස්ම වුවත් සිරකරුවන් ඊට එරෙහිවීමත් සමඟ එය ගැටුමක් බවට පෙරළුණු බවට බන්ධනාගාර රැදවියන් සදහන් කළා.

    එවැනි වාතාවරණයක් තුළ නොවැම්බර් නව වෙනිදා සවස එකයි තිහට පමණ ආරම්භ වූ සෝදිසි මෙහෙයුම අවසන් වූයේ මරණ විසි හතකින් සහ හතළිහකට අධික සිරකරුවන් පිරිසක් මරණීය නොවන මට්ටමේ තුවාල ලැබීමෙනි.

    ‘2012 වැලිකඩ බන්ධනාගාර කැරැල්ල’ ලෙස එය සමාජගත වූ අතර, පසුව එය ජාත්‍යන්තර වශයෙන් පවා සාකච්ඡාවට ලක්වෙමින් පවතින මාතෘකාවක් බවට පත්වුණා.

    එසේම 1983 ජූලි කෝලාහල සමයේ දමිළ සිරකරුවන් මරා දමනු ලැබීමේ ප්‍රහාරයෙන් පසු සිදු කරන ලද දරුණුතම ප්‍රහාරය ලෙසත් එය හඳුන්වනු ලැබූවා.

  • වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුවට කලින් ප්‍රධාන චූදිතයෙකුට උසස් වීමක්

    වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුවට කලින් ප්‍රධාන චූදිතයෙකුට උසස් වීමක්

    වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව අද දින ලබාදීමට තිබියදී එම නඩුවේ ප්‍රධාන චූදිතයෙකු වූ පොලිස් පරීක්ෂක එම්. රංගජීව නෙවමාල්ට උසස්වීමක් ලබා දී තිබේ.

    2020 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් පරීක්ෂක⁣ රංගජීව ප්‍රධාන පොලිස් පරීක්ෂක⁣ තනතුරට උසස් කර පොලිස්පතිවරයා විසින් ඊයේ (05) නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.

    රංගජීව චූදිතයකු වන වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ මහාධිකරණ නඩු තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

    කෙසේවෙතත් තීන්දුවේ මුද්‍රණ දෝෂ සකස් කිරීමට කාලය අවශ්‍ය බව සඳහන් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දුව ලබාදීම 12 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරුවරුන් නියෝග කළා.

    මෙම නඩුවේදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම්කාරී තත්වය තුළ එහි රැඳවියන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලබැ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවශයෙන් කටයුතු කළ එමිල් රන්ජන්ට එරෙහි චෝදනා විභාගයට ගැනේ.

  • කොතලාවල පනතට එරෙහිවූවන් සිරගත කිරීමට අදාළ චෝදනා ව්‍යාජ ඒවා බව තහවුරු වෙයි

    කොතලාවල පනතට එරෙහිවූවන් සිරගත කිරීමට අදාළ චෝදනා ව්‍යාජ ඒවා බව තහවුරු වෙයි

    නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් අගෝ.03 පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය පදනම් කරමින් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු ක්‍රියාකාරීන් පස් දෙනෙකු අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අතර මේ වන විට දෙමසකට අධික කාලයක් ඔවුන් සිරගත කරගෙන සිටී. ඔවුන්ට අදාළ නඩුව ඊයේ(12) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිනි. එහිදී මෙම ක්‍රියාකාරීන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා අතිශයින් ව්‍යාජ බවට නීතීඥවරුන් ප්‍රබල ලෙස කරුණු ඉදිරිපත් කළ ද මහේස්ත්‍රාත්වරයා යළිත් ඇප ප්‍රතික්ෂේප කරන ලදී.

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝෂිලා හංසමාලිට අදාළව කිසිඳු චෝදනාවක් නොමැති අතර පොලීසිය ඉදිරිපත් කළ වීඩියෝ සාක්ෂිවලද ඇය එම ස්ථානයේ සිටි බවටවත් කිසිඳු සාක්ෂියක් නැත. පසුගිය නඩුවාරයේදී තලංගම පොලීසිය උසාවියට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා තුළද කෝෂිලා සහෝදරියගේ තබා කිසිඳු කාන්තාවකගේ නමක් සඳහන් වන්⁣නේ නැත. ඒ පිළිබඳව නීතීඥවරුන් ප්‍රශ්න කළ විට අද දින තලංගම පොලීසිය කෝෂිලා හංසමාලි අදාළ ස්ථානයේ නොසිටි බවට තවත් වාර්තාවක් උසාවියට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා ඇප ප්‍රතික්ෂේප කරන්නේ එසේ තිබියදීය.

    සිරගත කර සිටින අනෙකුත් පිරිසට අදාළවද ගොනු කර ඇති චෝදනා අතිශයින් ව්‍යාජ වන අතර ඔවුන් පොදු දේපල විනාශ කළ බවට ගොනු කර ඇති බරපතල චෝදනාව පොලීසියට උසාවිය ඉදිරියේ සනාථ කිරීමට නොහැකි වී ඇත. එසේ තිබියදීත් මාස දෙකක් පුරා ඇප නියම නොකර කඩුවෙල මහේස්ත්‍රාත්වරයා මෙම ක්‍රියාකාරීන් සිරගත කර තබාගන්නේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය මොනවට ප්‍රදර්ශනය කරමිනි. මහේස්ත්‍රාත්වරයා ඇප නියම නොකරන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව ආණ්ඩුවේ දේශපාලන උවමනාව නිසා ය. ඒ බව ඕනෑවටත් වඩා තහවුරු වී තිබේ. සිසුජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්ගෙන් පලි ගැනීමේ ක්‍රියාන්විතයක් ආණ්ඩුව දියත් කරමින් සිටියි. සිරගත කළ ක්‍රියාකාරීන් පස් දෙනා දිගින් දිගටම සිරගත කර තබා ගනිද්දී සිසුජන ව්‍යාපාරය නියෝජනය කරන අනෙකුත් වෘත්තීය සමිති හා ශිෂ්‍ය නායකයන් පසුපස නිල සහ නොවන මර්දන කල්ලි හඹා එමින් ඔවුන්ට සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු පවා කරගත නොහැකි තත්ත්වයකට පත් කර තිබේ. අ.වි.ශි.බ.ම කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්තඩංගුවට ගෙන තලංගම පොලීසියේ රඳවා තබාගෙන සිටියදී (අගෝ.06) දේශබන්දු තෙන්නකෝන් දුරකතනයෙන් අමතා ඔහුට තර්ජනය කර ඇත්තේ “මේ පාර නම් කෙළවලාම දානවා, එකෙක්වත් අතාරින්නෙ නෑ” යනුවෙනි. සරත් වීරසේකර පොලිස් ඇමති ද ⁣මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී මාධ්‍ය ඉදිරියේ කටමැත දොඩවන අයුරු පසුගිය දිනවල දැකගන්නට ලැබිණි. බන්ධනාගාරගත කළ ක්‍රියාකාරීන් පස් දෙනාට එහිදී කොවිඩ් ආසාදනය වීමට ද සැලැස්වූ අතර ඔවුන්ට අවශ්‍ය ඖෂධ, ප්‍රතිකාර පහසුකම් ලබාදුන්නේ වෘත්තීය සමිති, මානව හිමිකම් සංවිධාන, තානාපති කාර්යාල ශිෂ්‍ය සංවිධාන ගණනාවක් මැදිහත්ව ප්‍රශ්න කළ පසුවය. ඒ අනුව ආණ්ඩුව සිදුකරන්නේ සිසුජන ක්‍රියාකාරීන්ගෙන් පලි ගැනීමක් බව ඉතා පැහැදිලි කරුණකි. අධිකරණය පවා එම දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චි වන අයුරු නිර්ලජ්ජිත ලෙස සමාජය ඉදිරිපිට පෙනෙන්නට තිබෙයි.

    මෙම මර්දනය මගින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ අයිතීන් වෙනුවෙන් සටන් කරන සියලු සංවිධාන වෙත අනතුරු ඇඟවීමක් කිරීමටය. හදිසි නීති සම්මත කරගනිමින්, අත්‍යවශ්‍ය සේවා නම් කරමින්, ජනතාවට ආහාරපාන පවා හිඟව තිබියදී අයවැයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට අතිවිශාල ප්‍රතිපාදන වෙන් කරමින් මර්දන දත් උල් කරගෙන කටයුතු කරන්නේ සියල්ලන් වෙත මර්දනය මුදා හැරීමටය. එහෙයින් මේ මොහොතේ සිරගත කර සිටින සිසුජන ක්‍රියාකාරීන්ගේ නිදහස වෙනුවෙනුත්, මර්දනයට එරෙහිවත් අරගල කිරීම අනිවාර්යයෙන්ම සියලු සටන් කරන සංවිධාන විසින් සිදු කළ යුත්තකි. ආණ්ඩුව මර්දන තොණ්ඩුව දමා සිර කරමින් සිටින්නේ සිසුජන ක්‍රියාකාරීන්ගේ ගෙල මත පමණක් නොවේ. තොණ්ඩුව වැටී ඇත්තේ සියලු සටන් කරන බලවේගයන්ගේ ගෙල මතය.