කියුබාව තවමත් සායනික අත්හදා බැලීම්වල සිටින කොවිඩ් -19 එන්නත් දෙකක් නිකුත් කරයි

කියුබාව තම රටවැසියන්ට ලෝකයේ කිසිදු රටකින් කොරෝනා වයිරස් එන්නත් මිලදී ගෙන හෝ ලබාගෙන නැත.
කොරෝනා වයිරස් රෝගීන්ගේ වැඩිවීමකට මුහුන දී සිටින කියුබාව මේ සතියේ මහජනතාවට ප්‍රතිශක්තිකරණය ලබා දීම ආරම්භ කර ඇති අතර සායනික අත්හදා බැලීම් තවමත් අවසන් කර නොමැති දේශීයව නිපදවන එන්නත් දෙකක් එ සදහා භාවිතා කරයි . කියුබාවේ ඖෂධ අධිකාරිය විසින් අබ්දලා සහ සොබෙරානා 2 එන්නත් සඳහා නිල වශයෙන් අනුමැතිය ලබා දීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආශිර්වාදය ඇතිව මෙම ක්‍රියාමාර්ගය ආරම්භ විය.
මේ වසරේ රටෙි සියලුම වැසියන්ට එන්නත් ලබා දීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති කොමියුනිස්ට් රාජ්‍යය, කොවිඩ් -19 වසංගතයෙන් සාපේක්ෂව බේරී ඇති අතර, මේ දක්වා වාර්තා වී ඇති සිද්ධීන් ගණන 119,000 ක් සහ මරණ 768 කි.

මාර්තු මාසයේදී රට සෞඛ්‍ය සේවකයින්ට අබ්දලා සහ සොබෙරානා 2 එන්නත් කිරීම ආරම්භ කළේය.

අබ්දාලා එහි තුන්වන අදියර අත්හදා බැලීම සම්පූර්ණ කර ඇති නමුත් ප්‍රතිපල තවමත් විශ්ලේෂණය කරමින් පවතී. සොබෙරානා 2 අවසන් අත්හදා බැලීමේ අදියර දින කිහිපයකින් අවසන් කිරීමට නියමිතය කියුබාව තම රටට අවශ්‍ය සියලුම එන්නත් වලින් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් දේශීයව නිපදවන අතර කොරෝනා වයිරස් එන්නත් පහක් සංවර්ධනය කරමින් හිදී. ඉන් එක් එන්නතකට හරිත ආලෝකය ලැබුණහොත් එය ලතින් ඇමරිකාවේ සංවර්ධනය කරන ලද පළමු කොරෝනා වයිරස් එන්නත වනු ඇත සහ කියුබාව තමන්ගේම කොවිඩ් -19 එන්නතක් නිපදවු ලොකයේ කුඩාම රට බවට පත්වනු ඇත
පුපුරා යාමේ කේන්ද්‍රස්ථානය වන හවානාහි වෙසෙන මිලියන 2.1 ක ජනගහනයෙන් මිලියන 1.7 ක් අතර එන්නත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය ජෝස් ඒන්ජල් පවසයි.දිවයිනේ මුළු ජනගහනයෙන් සියයට 22.6 ක් ජුනි මාසය වන විටත්, ජූලි මාසය වන විට තවත් සියයට 33.5 ක් සහ අගෝස්තු වන විට ඉතිරි සියයට ගණනත් සමිපුර්න කල යුතුයැයි ඔහු පැවසීය.

අත්හදා බැලීමේ ප්‍රතිපල ධනාත්මකව නැවත පැමිණියහොත් covid 19 සදහා 100% ක්ම. ගෙදර හැදූ එන්නත් භාවිතා කළ පළමු රට එය වනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...