2026 වසරේදී පොලිස් භාරයේදී මියගිය බවට වාර්තා වූ ඉෂාර හර්ෂ කුමාර සහ සමිත්තම්බි පක්යරාසා යන පුද්ගලයන්ගේ මරණ, රැඳවුම් බලතල ක්රියාත්මක කරන ආකාරය සහ ඒවායේ වගවීම පිළිබඳ බරපතළ ප්රශ්න මතු කරයි. මෙම මරණ සම්බන්ධයෙන් පවුල් විසින් පොලිස් පහරදීම් පිළිබඳ චෝදනා ඉදිරිපත් කර ඇති අතර, සිදුවීම්වල සත්ය තත්ත්වය ස්වාධීන හා විනිවිද පෙනෙන විමර්ශන මඟින් තහවුරු කළ යුතුය.
එවැනි පසුබිමක, ත්රස්තවාදය වැළැක්වීමේ නව යෝජිත නීතිය යටතේ හමුදාවට ද අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබාගැනීමේ බලතල පැවරීම පිළිබඳව සමාජය ගැඹුරින් විමසා බැලිය යුතුය. පොලිස් භාරයේදී සිදුවන මරණ සම්බන්ධයෙන්ම වගවීම සහතික කිරීම අභියෝගයක් වී ඇති විට, තවත් ආරක්ෂක ආයතනයකට එවැනි බලතල පැවරීමේදී ස්වාධීන අධීක්ෂණය, අධිකරණයට ප්රවේශය සහ රඳවා සිටින පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඇති සහතික මොනවාද?
ජාතික ආරක්ෂාව යනු සැකකරුවන්ගේ අයිතිවාසිකම් අත්හැර දැමීමේ බලපත්රයක් නොවේ. රාජ්යය භාරයට ගන්නා සෑම පුද්ගලයකුගේම ජීවිතය, ගෞරවය සහ නීතිමය ආරක්ෂාව සහතික කිරීම ප්රජාතන්ත්රවාදී රාජ්යයක වගකීමකි.
මාධ්යවේදී කසුන් පුස්සෙවෙලගේ facebook පිටුවෙනි




