උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව විසින් රදවාගෙන තිබේ.

මේ වන විට ලේඛකයන් සිව් දෙනකුගේ කෘති රඳවාගෙන සිටින ආකාරය හෙළි කරන ලේඛකයන් කණ්ඩායමක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අනිතීක ක්‍රියාවට රාජ්‍ය වගකීම භාර ගත යුතු අතර රඳවාගෙන ඇති ග්‍රන්ථ වහාම නිදහස් කිරීමටත් මෙවැනි රඳවාගැනීම් නැවත සිදුනොවීමටත් විනිවිදභාවයෙන් යුතු සහ සාධාරණ ක්‍රියාමාර්ගයක් සහතික කිරීමටත් ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුතු බවයි.

රේගුව අලුතින්ම දෙමළ පොත් රඳවාගෙන සිටින්නේ හත්මාසයක් තිස්සේ සිරකොටගෙන සිටින දෙමළ කෘති දෙකක තොග නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කොට තිබියදීය.

යදාර්ථන් නමින් දෙමළ පාඨකයන් අතර ප්‍රකට නවකතාකරුවකු වන ප්‍රදීප් ගුණරත්නම් පවසන්නේ තමිල්නාඩුවේ කාලච්චුවඩු ප්‍රකාශන ආයතනයෙන් ශ්‍රී ලංකාවට එවන ලද සිය “තෝරෛ” (தோறை) නවකතාවේ පිටපත් 30 ක් ලබාගැනීමට තමා ඔක්තෝබර් 22 වැනිදා යාපනය තැපැල් කාර්යාලයේ පිහිටි රේගු අංශය වෙත ගිය බවයි.

යාපනය තැපැල් කාර්යාලයේ පිහිටි රේගු අංශයට ගොස් අනන්‍යතාව තහවුරු කරන ලියකියවිලි භාර දීමෙන් අනතුරුව එම කෘතිය පරික්ෂා කර බැලු රේගු නිලධාරීන් ලේඛකයාට දැනුම් දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ලැබුණු පසුව පමණක් එම පොත් ලබා දිය හැකි බවයි.

ජනාධිපති, ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා රේගුව හා මාධ්‍ය වෙත පිටපත් යොමු කරමින් නිකුත් කර ඇති ලේඛකයන්ගේ ඒකාබද්ධ නිවේදනය අවධාරණය කරන්නේ ලාංකීය ලේඛකයන්ගේ ග්‍රන්ථ අඩංගු පාර්සල් තැපැල් මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී රේගුව විසින් ඇතැම් පාර්සල් රඳවාගෙන ඇති බවයි.

“එම ග්‍රන්ථවල ඇති ඇතැම් වචන නැතහොත් පිට කවරය යන ඒවා දේශපාලන මතභේදාත්මක තත්ත්වයන් ඇති කරනු ඇතැයි සැලකීම ඊට හේතුව බව රේගු නිලධාරීන් විසින් ප්‍රකාශ කරනු ලැබේ. අදාළ ග්‍රන්ථ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය අවශ්‍ය බවට රේගු නිලධාරින් ප්‍රකාශ කර ග්‍රන්ථ පිටපත් ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීම සඳහා යොමු කර තිබේ.”

එහෙත් එලෙස යවනු ලබන ග්‍රන්ථ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිර්දේශ ලබා නොදීමත් වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ඒවා එලෙස ගබඩා කර තබාගැනීම සිදු කරනු ලබන අතර රඳවාගෙන ඇති ග්‍රන්ථ එහි හිමිකරුවන් වෙත නැවත නොලැබෙනු බවද එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...