පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේ පාර්ලිමේන්තු තේරීම් සභාව රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ශානක්කියන් රාසමානික්කම් හා නිසාම් කාරියප්පර් යන මන්ත්‍රීවරුන් විසින් වර්ජනය කර ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය බැරෑරුම්භාවය සහ හදිසිභාවය තේරීම් කාරක සභාව විසින් පෙන්නුම් කිරීමට අපොහොසත් වීම මෙම වර්ජනය සඳහා හේතු වී ඇත.

අද එම තේරීම් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී වර්ජනයට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් අදහස් දක්වමින් ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ රැස්වීම් දහයක් පැවැත්වී තිබුණද, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අර්ථවත් ප්‍රගතියක් ලබා ගැනීමට එම කාරක සභාවට නොහැකි වී ඇති බැවින් තවදුරටත් එවැනි ක්‍රියාවලියකට සහාය ලබාදිය නොහැකි බව දැනුම් දී ඇත.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව කල් දමමින් සිටින බව විපක්ෂයේ චෝදනාවයි. නමුත් ඇත්ත ප්‍රශ්නය වන්නේ විපක්ෂයටත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වුවමනාවක් නැතිවීමයි. ආණ්ඩුවට විරුද්ධව ශක්තිමත් බලවේගයක් ලෙස නැගී සිටීමට පාර්ලිමේන්තු විපක්ෂය තවමත් සමත් වී නැත. අනිත් අතින් විපක්ෂයේ වැඩපිලිවෙලම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන තත්ත්වයක් තුළ විපක්ෂයට උන්හිටි තැන් අහිමිවීමද සිදුව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...