චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් දරුවන්ගේ අස්ථි කොටස් හමුවෙයි

චෙම්මනි සමූහ මිනිවලේ කැනීම් නැවත ආරම්භ කළ පළමු දිනයේම තවත් දරුවන් දෙදෙනකුට අයත් අස්ථි මතු කරගෙන තිබේ.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් ජුලි 15 වැනිදා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ අද දිනයේ ද එක පොදියට තිබෙන සිරුරු ගොඩවල් දෙකක්ද හදුනාගෙන ඇති බවයි.

2025 මැයි 15 වැනිදා සිට 2026 ජුලි 15 වැනිදා දක්වා ගතවු වසරකට වැඩි කාලයක් තුළ අදියර තුනක් ඔස්සේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ දින 87 ක් පුරා සිදු කළ කැනීම් වලින් මතු කරගත් පුද්ගලයන් 414 දෙනකුට අයත් අස්ථි වලින් මිනිස් සිරුරු 409 ට අයත් ඇටසැකිලි ගොඩ ගෙන ඇත.

කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා ජුනි 23 වැනිදා තාවකාලිකව නවතා දැමු කැනීම් කටයුතු ජුලි 15 වැනිදා යළි ආරම්භ කර තිබුනේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...