චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් දරුවන්ගේ අස්ථි කොටස් හමුවෙයි

චෙම්මනි සමූහ මිනිවලේ කැනීම් නැවත ආරම්භ කළ පළමු දිනයේම තවත් දරුවන් දෙදෙනකුට අයත් අස්ථි මතු කරගෙන තිබේ.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් ජුලි 15 වැනිදා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ අද දිනයේ ද එක පොදියට තිබෙන සිරුරු ගොඩවල් දෙකක්ද හදුනාගෙන ඇති බවයි.

2025 මැයි 15 වැනිදා සිට 2026 ජුලි 15 වැනිදා දක්වා ගතවු වසරකට වැඩි කාලයක් තුළ අදියර තුනක් ඔස්සේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ දින 87 ක් පුරා සිදු කළ කැනීම් වලින් මතු කරගත් පුද්ගලයන් 414 දෙනකුට අයත් අස්ථි වලින් මිනිස් සිරුරු 409 ට අයත් ඇටසැකිලි ගොඩ ගෙන ඇත.

කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා ජුනි 23 වැනිදා තාවකාලිකව නවතා දැමු කැනීම් කටයුතු ජුලි 15 වැනිදා යළි ආරම්භ කර තිබුනේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...