ගොවීන් ඉතා හොඳින් බලාගන්නා බවට අනුරගෙන් පොරොන්දුවක්

ගොවි ජනතාව ඉතා හොඳින් බලාගෙන ඔවුන්ට වඩා හොඳ ජීවිතයක්, සමාජ වටිනාකමක් සහ ගෞරවයක් හිමි කර දීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද අනුරාධපුරයේදී පවසා තිබේ.

පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළ නැංවීම, දිට්වා සුළි කුණාටුව හමුවේ විනාශ වූ වගා බිම් සඳහා ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීම, වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කිරීම මෙන්ම මහා පරිමාණ වාරි ජල ව්‍යාපෘතිවල කටයුතු යළි ආරම්භ කරමින් වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට පියවර ගැනීම ඇතුළු ගොවි ජනතාව වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් රජය ඉටු කරමින් තිබෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (10) එක් වෙමිනි.

වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළ බව පැවසුවද තවමත් ආණ්ඩුව වී මිලදී ගැනීම ආරම්භ කර නැති බව ගොවීන් නගන චෝදනාවයි. එසේම ආණ්ඩුව සඳහන් කරන මිලට වී මිලදී නොගන්නා බවද ඔවුන් පවසයි. ඒ වෙනුවට ආණ්ඩුවේ ඇමතිවරුන් ගොවීන් හෑල්ලුවට ලක් කරමින් විවිධ තැන්වල කටමැත දොඩවනවා පමණක් දක්නට ලැබේ.

දැන් ගොවීන්ට අවශ්‍ය වන්නේ තවත් පොරොන්දු නොව වී මිලදී ගැනීමේ ප්‍රශ්නය විසදීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...