ගොවීන් ඉතා හොඳින් බලාගන්නා බවට අනුරගෙන් පොරොන්දුවක්

ගොවි ජනතාව ඉතා හොඳින් බලාගෙන ඔවුන්ට වඩා හොඳ ජීවිතයක්, සමාජ වටිනාකමක් සහ ගෞරවයක් හිමි කර දීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද අනුරාධපුරයේදී පවසා තිබේ.

පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළ නැංවීම, දිට්වා සුළි කුණාටුව හමුවේ විනාශ වූ වගා බිම් සඳහා ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීම, වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කිරීම මෙන්ම මහා පරිමාණ වාරි ජල ව්‍යාපෘතිවල කටයුතු යළි ආරම්භ කරමින් වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට පියවර ගැනීම ඇතුළු ගොවි ජනතාව වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් රජය ඉටු කරමින් තිබෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (10) එක් වෙමිනි.

වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළ බව පැවසුවද තවමත් ආණ්ඩුව වී මිලදී ගැනීම ආරම්භ කර නැති බව ගොවීන් නගන චෝදනාවයි. එසේම ආණ්ඩුව සඳහන් කරන මිලට වී මිලදී නොගන්නා බවද ඔවුන් පවසයි. ඒ වෙනුවට ආණ්ඩුවේ ඇමතිවරුන් ගොවීන් හෑල්ලුවට ලක් කරමින් විවිධ තැන්වල කටමැත දොඩවනවා පමණක් දක්නට ලැබේ.

දැන් ගොවීන්ට අවශ්‍ය වන්නේ තවත් පොරොන්දු නොව වී මිලදී ගැනීමේ ප්‍රශ්නය විසදීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලකි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...