ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය 2026 හිමිකම් සහ විරෝධතා දැක්වීමේ කාලසීමාව මැයි 05 සිට ජූනි 01 දක්වා

Date:

2026 ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියේ හිමිකම් සහ විරෝධතා ඉදිරිපත් කිරීම මැයි මස 05 වන දින ආරම්භ වන අතර ජූනි මස 01 දින දක්වා කාලසීමාව තුළ ක්‍රියාත්මක වේ.
ඒ අනුව,

  • දැනට වලංගු ඡන්දහිමි නාම ලේඛනය
  • එයින් ඉවත් කිරීමට යෝජිත නම් ලැයිස්තුව
  • ඊට ඇතුළත් කිරීමට නියමිත නම් ලැයිස්තුව

පරීක්ෂා කර බලා යම් කිසි පුද්ගලයෙකුට තමාගේ හෝ තම පවුලේ සාමාජිකයින්ගේ නම් අදාල වර්ෂය සඳහා ඇතුලත් කිරීමට නිර්දේශ වී නැති බව අනාවරණය වේනම් හිමිකම් ඉල්ලීමට හැකියාව ඇත. එමෙන්ම ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචියට සුදුසුකම් නොලබන අයෙකුගේ නම් ලියාපදිංචියට නිර්දේශ වී ඇත්නම් එයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට ඉහත දින 28 ක කාලසීමාව තුළ හැකියාව පවතී.

ඡන්දහිමි නාම ලේඛන පරීක්ෂාව

ඡන්දහිමි නාම ලේඛනය මතු සඳහන් ස්ථාන වලදී මහජනතාව සඳහා ප්‍රදර්ශනය කරනු ලබන අතර අදාල ලේඛන පරීක්ෂා කර බලා හිමිකම් හෝ විරෝධතා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. ඊට අදාල පෝරම ඔබගේ ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත හැකිය.

  • දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍
  • පළාත් පාලන ආයතන
  • ග්‍රාම නිලධාරී කාර්යාල

මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස 2026 වර්ෂයට අදාල ඡන්දහිමි ලියාපදිංචි විස්තර කෙටුම්පත පරීක්ෂා කර බලා ඔබගේ නම ඇතුළත්ව නොමැති නම් එම වෙබ් අඩවියෙන් බාගත කල හැකි හිමිකම් පෑමේ ආකෘතිය සම්පූර්ණ කර තැපැල් මගින් හෝ මාර්ගගතව අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබීමට සැලැස්වීමේ හැකියාව පවතී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාව සතු පරමාධිපත්‍ය බලය සැබෑ ලෙසම ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්ද බලය හරහා වන බැවින් ඡන්දහිමි නාම ලේඛනයට නම ඇතුළත්ව තිබීම අනිවාර්යය අවශ්‍යතාවයක් බව අවධාරණය කරමු.

ඡන්දහිමි නාම ලේඛනයට නම් ඇතුළත් කර ගැනීම හා ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියකි, එමෙන්ම වගකීමකි. ඡන්දයක් ආසන්නයේ මැසිවිලි නැගීමෙන් පලක් නොවන අතර කරුණාකර මේ පිළිබඳව ඔබගේ පවුලේ සාමාජිකයින්, අසල්වැසියන්, හිතවතුන් වෘත්තීය සගයන්/සහායකයින් දැනුවත් කරන්න.

ඔබේ ඡන්දය රටේ අනාගතය තීන්දු කරයි.

මෙයට,
විශ්වාසී,

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...