සම සෞඛ්‍ය බඳවා ගැනීමේදී ගෝඨා ගෙනා ක්‍රමවේදය NPP ආණ්ඩුවත් කරතියාගෙන යනවා – අන්තරේ

සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ ගැටළුවට තවමත් නිසි පිළිතුරක් ලබා දීමට ආණ්ඩුව සූදානම් නැති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. එම අදහස් පලවුවේ සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේ ගැටළුව සහ ඒ ආශ්‍රිත නිර්මාණය වී ඇති තත්වයන් පිළිබඳව දැනුවත් කිරීමට අද(9) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය විද්‍යාඋපාධිධාරී එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

එම සංගමය පවසන ආකාරයට ගැටළුව වන්නේ රාජ්‍ය වි.වි.වලින් නිදහස් අධ්‍යාපනය යටතේ කුසලතා පදනම මත උපාධි ලබාගන්නා උපාධිධාරීන් සහ මුදලට උපාධි ලබා ගන්නා කණ්ඩායම් අතර දැනුම මිනුම විභාගයක් පැවැවීමට සූදානම් වීම මගින් එම උපාධි සම මට්ටමෙහි ළා සැළකීමයි.

ඒ හරහා එවිට මුදලට විකිණෙන සමසෞඛ්‍ය උපාධියට තවත් ප්‍රවර්ධනය ප්‍රවර්ධනයක් ලැබේ. මේ ගැටළුවට පසුගිය කාළසීමාවේම විසඳුම් ඉල්ලා සිටියද තවම ආණ්ඩුව ඒවා කනකට ගැනීමට සූදානම් නැති බව අන්තරේ පවසයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙලෙස බඳවාගැනීම නුසුදුසු යැයි සඳහන් කළද බලය ලබා ගත් විගසම ගෝඨාභය රාජපක්ෂ එවකට ගෙනා දැනුම මිනුම විභාගයම කරපින්නාගෙන යමින් සිටින බව එම සංගමයේ අදහසයි.

තවද 2019 වසරේ සිට සමසෞඛ්‍ය බඳවාගැනීම් සීමා කිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවයේද බරපතල අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව වාර්තාවේ. එම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට වරු ගණන්, දින ගණන් පෝළිම්වල සිටීමට මේ නිසා සිදුව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...