බලශක්ති ප්‍රශ්නය ගැන වාර්තා කළ මාධ්‍යවේදිනියක් පිටුපස CIDය

Date:

මාධ්‍යවේදිනියක් වන සුලෝචනා රමියා මෝහන් විසින් X සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගත් අන්තර්ගතයක් පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් කරන ලද බව වාර්තා වන ඉල්ලීම දැඩි ලෙස හෙළා දකින බව ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන්ගේ එකතුව’ පවසයි.

එම සංවිධානය නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක මෙසේ සඳහන් වේ.

”ලබාගත් තොරතුරු අනුව, ඇයගේ ගිණුමට සම්බන්ධ ලිපියක් ශ්‍රී ලංකා නීති උල්ලංඝනය කරන බව පවසමින් CID විසින් නීතිමය ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව X සමාගමෙන් ඇයට දැනුම් දී ඇත. එමඟින්, මෙම අන්තර්ගතයට එරෙහිව මේ වනවිට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද සඳහන් කර ඇත.

මෙම ලිපිය හා සම්බන්ධ සමාජ මාධ්‍ය පළ කිරීම විමර්ශනය කිරීමේදී එහි කිසිදු නීතිවිරෝධී අන්තර්ගතයක් නොමැති බව පැහැදිලි වේ. එම ලිපිය රට තුළ පවතින විදුලි බල අර්බුදය සහ බලශක්ති අමාත්‍යාංශය සම්බන්ධ වැදගත් ප්‍රශ්න පිළිබඳව සාධාරණ හා මහජන හිතකාමී වාර්තාකරණයක් ලෙස පෙනී යයි.

CID විසින් මෙවන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හේතුව පැහැදිලි නොවීම, නීතිමය ක්‍රමවේද භාවිතා කරමින් නිදහස් ප්‍රකාශනය අවහිර කිරීමට උත්සාහ කරන බවට සැක මතු කරයි. මෙවැනි ක්‍රියාමාර්ග මාධ්‍යවේදීන්ට සහ සමාජ මාධ්‍ය භාවිතාකරුවන්ට බියක් ඇති කරමින්, නිදහස් අදහස් හුවමාරුවට හා ප්‍රජාතන්ත්‍රවාදී භාෂණයේ නිදහසට හානි කරයි.

තොරතුරු සෙවීම, ලබාගැනීම සහ ප්‍රකාශ කිරීම යන නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතියකි. පැහැදිලි නීතිමය හේතු නොමැතිව එම අයිතිය සීමා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ යුතුය.

අදාළ බලධාරීන්ගෙන් මෙම සිද්ධිය පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත්, ව්‍යවස්ථාගත මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු. එසේම, දේශීය හා ජාත්‍යන්තර සියලු පාර්ශවයන්ට ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සඳහා සක්‍රීය වීමට අපි ආරාධනා කරමු.

මාධ්‍යවේදීන්ට බියකින් තොරව තම වෘත්තිය ක්‍රියාත්මක කළ හැකි පරිසරයක් ඇති කිරීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී භාෂණයේ නිදහස තහවුරු කළ යුතු බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු. ”

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...