යුධ ගැටුම්වල දරුණු ප්‍රතිවිපාකවල මුහුණ දිය හැකි රටවල් අතර ලංකාව ඉදිරියෙන්

Date:

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් ගෝලීය ගැටුම්කාරී තත්ත්වය හමුවේ වෙළඳාම, බලශක්ති වෙළඳපොළවල් සහ මූල්‍ය පද්ධති අස්ථාවර කරන ආකාරය පිළිබඳ මූලික තක්සේරුවක් ඉදිරිපත් කර තිබේ.

“මැදපෙරදිග මිලිටරි ගැටුම් උත්සන්න වීම: ආසියාව සහ පැසිෆික් කලාපය පුරා මානව සංවර්ධන බලපෑම්” යන මාතෘකාවෙන් යුත් වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ, 2025 දී ලංකාවේ වැඩිම සංක්‍රමණික ශ්‍රමිකයන් පිරිසක් එනම් සියයට 80.2 ක් මැදපෙරදිගට ගොස් ඇති බැවින්, ශ්‍රී ලංකාව දැඩි ලෙස මෙම ගෝලීය ගැටුම්වල ප්‍රතිවිපාකවල මුහුණ දෙනු ඇති බවයි.

බටහිර ආසියාවේ පවතින ගැටුම හේතුවෙන් ආසියා-පැසිෆික් කලාපයේ දරුණුතම බලපෑමට ලක් වූ රටවල් අතර ශ්‍රී ලංකාව සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාව පවසයි.

2026 මාර්තු 1-8 කාලය තුළ සංචාරක පැමිණීම් ද පෙබරවාරි මාසයේ දිනකට සාමාන්‍යයෙන් 9,976 සිට දිනකට 5,956 දක්වා පහත වැටී ඇති අතර එය දළ වශයෙන් සියයට 40 ක පහත වැටීමක් බව එහි වැඩිදුරටත් සඳහන් විය.

දකුණු ආසියානු අසල්වැසි රටවල් වන බංග්ලාදේශය, ඉන්දියාව සහ පකිස්ථානය මෙන්ම ශ්‍රී ලංකාව ද ගල්ෆ් කලාපයට අපනයන සබඳතා දුර්වල වීමෙන් ඇති විය හැකි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින අතර එමඟින් කෘෂි ආදායම කප්පාදු කිරීමට, අත්‍යවශ්‍ය සැපයුම් සඳහා ප්‍රවේශය සීමා කිරීමට සහ නිෂ්පාදනය නතර කිරීමට හේතු විය හැක.

තේ අපනයනවල ඇස්තමේන්තුගත පාඩු සතියකට ඇමරිකානු ඩොලර් මිලියන 10 සිට 15 දක්වා වේ.

ආසියා-පැසිෆික් කලාපයේ වෙළඳ නිමැවුම් පාඩු දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 97 සිට 299 දක්වා විය හැකි අතර එය කලාපයේ මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.3 සිට 0.8 දක්වා සමාන වේ.

” රටවල් 14 පුරා මිලියන 8.8 ක් පමණ ජනතාව දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමට ලක්ව ඇත” යනුවෙන් වාර්තාව පවසයි.

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...