අප්‍රේල් 6 වන දා ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ තායිබේ නගරයේ ගොඩනැගිලි වලට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවකි මේ . ඉරානයට සහයෝගය දක්වමින් මාර්තු 2 වන දින හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට වෙඩි තැබීමට පළිගැනීමක් ලෙස එය සිදු කර ඇති බව වාර්තා වෙනවා . ඊශ්‍රායලයේ ගුවන් සහ භූමි මෙහෙයුමෙන් පුද්ගලයින් 1,460 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ලෙබනන් බලධාරීන් පවසනවා .
ඊශ්‍රායල 36 වන සේනාංකය ගෝලානි බළකායේ හමුදා කාණ්ඩය අඛණ්ඩව සිදු කරන මෙහෙයුම් අතරතුර දකුණු ලෙබනනයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම් 300 කට අධික ප්‍රමාණයක් විනාශ කළ බව ඔවුන් පවසනවා. එම ඉලක්ක අතර ආයුධ ගබඩා, බෝම්බ උගුල් අටවන ලද ගොඩනැගිලි සහ නිරීක්ෂණ ස්ථාන ඇතුළත් වූ අතර, ත්‍රස්තවාදී හිස් බුල්ලා සංවිධාන සාමාජිකයන් විශාල ප්‍රමාණයක් ඝාතනය වූ බව ඊශ්‍රායලයේ විශ්වාසයි .






