පානීය ජලය හිඟ වීමේ අවධානමක්

Date:

වියලි කාළගුණය හේතුවන් පානීය ජල සැපයුමටද බාධා ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.

කොළඹ නගරයට සහ අවට ප්‍රදේශවලට පානීය ජලය සපයන ප්‍රධානතම මූලාශ්‍රයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ප්‍රමාණවත් වන්නේ තවත් දින 20කට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසා තිබේ.

ඒ අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සමග සිදු කළ සාකච්ඡා වලදී ද ඉදිරි සති දෙක තුන තුළ ද වැසි නොලැබීමෙි තත්ත්වයක් පවතින බවට ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළ බව ඔහු සදහන් කර ඇත.

දැනට පවතින දැඩි වියළි කාලගුණය සහ ජල පරිභෝජනය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පානීය ජලය නිෂ්පාදනය ඉදිරියේදී සීමා කිරීමට සිදු වන බව ද චන්දන බණ්ඩාර සඳහන් කර ඇත.

එමෙන්ම ලබුගම ජලාශයේ ජලය පවතින්නේ තවත් දින 50කට පමණක් බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලලිත් විජේසිංහ සඳහන් කරයි.

මීට පෙර ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දිස්නා පන්නිල සඳහන් කළේ දින කිහිපයකට වරක් ඇතැම් ප්‍රදේශවලට ජල කප්පාදුවක් කිරීමට සිදුවෙනු ඇති බවයි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...