අතුරුදහන්වූවන් ගැන ආණ්ඩුවෙන් තවත් පොරොන්දුවක්

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේ අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි 11,000ක් පමණ ඇති බවත්, ඒවා පිළිබඳ පරීක්ෂණ වසර දෙකක් ඇතුළත අවසන් කරන බවත්ය.

වැඩමුළුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ විමර්ශනවල ප්‍රගතියක් නොමැතිකම පිළිබඳ පැමිණිලි ඇති බවයි.

කෙසේ වෙතත්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය (OMP) නොව, පෙර රජයන් ඒ සඳහා වගකිව යුතු බව ඔහු පැවසීය. OMP හි නිලධාරීන් 375 දෙනෙකු පුහුණු කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව ඔහු පැවසීය.

පැමිණිලි 5,000ක් පිළිබඳ පරීක්ෂණ මෙම වසරේ අවසන් කරන බව අමාත්‍යවරයා පැවසීය.

“උතුරේ සහ දකුණේ අතුරුදහන් වීම් පිළිබඳව අපි විමර්ශන සිදු කරනවා,” ඔහු පැවසීය.

මේ ආණ්ඩුව පත්වූ දින සිට අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් කටයුතු කරන බව ආණ්ඩුව පවසමින් සිටියි. දැන් ඒ සඳහා තවත් කල් ලබාගෙන තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...