Breaking News

රෝල්ස් රොයිස් රථය ගෙන්වීමේදී ඩඩ්ලි වංචාවක් කරලා

මෙරට මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන විසින් මෑතකදී ආනයනය කරන ලද රෝල්ස් රොයිස් ෆැන්ටම් (Rolls Royce Phantom) මෝටර් රථය, වැරදි තොරතුරු සහිතව ආනයනය කර ඇති බව රේගු නිලධාරීන් සොයා ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් මිලියන 70ක පමණ දඩයක් නියම කර ඇති බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ පිළිබඳව කරුණු වාර්තා කරමින් Economy Next වෙබ් අඩවිය සඳහන් කරන්නේ, මේ පිළිබඳ වගකිවයුතු නිළධාරීන් තහවුරු කළ පරිදි අදාළ ආනයනකරු විසින් එක්සත් රාජධානියේ 20% ක බද්ද ද ඇතුළුව රථයේ වටිනාකම ලෙස ප්‍රකාශ කර ඇත්තේ ස්ටර්ලින් පවුම් 417,000 ක මුදලක් වන බවත්, එම වටිනාකම අදාළ වන්නේ සාමාන්‍ය රෝල්ස් රොයිස් ෆැන්ටම් ඔටෝ (Phantom Auto) කාණ්ඩයේ මෝටර් රථයකට වන බවත්, ආනයනකරු සඳහන් කර ඇත්තේ ද මෙම අදාළ මෝටර් රථය මෙම මාදිලියට ම අයත් බවත් ය.

කෙසේ නමුත්, පසුව නැවත පරීක්ෂා කිරීමේ දී මෙම ආනයනය කරන ලද රථයේ දිග සහ රෝදවල ප්‍රමාණය එම සාමාන්‍ය රෝල්ස් රොයිස් ෆැන්ටම් ඔටෝ මෝටර් රථ මාදිලියට වඩා විශාල බව නිරීක්ෂණය වූ බවත්, රේගු නිලධාරීන් සොයාගත් පරිදි මෙම මෝටර් රථය රෝල්ස් රොයිස් ෆැන්ටම් ‘Extended Wheel Base’ (EWB – දිගු කරන ලද රෝද පාදමක් සහිත) මාදිලියට අයත් රථයක් වන බවත්, ඒ අනුව එහි වටිනාකම එක්සත් රාජධානියේ 20%ක බද්ද ද ඇතුළුව ස්ටර්ලින් පවුම් 479,000 ක් පමණ වන බවත් එම නිලධාරීන් විසින් සඳහන් කරනු ලැබ තිබේ.

ඒ අනුව, වැරදි තොරතුරු ප්‍රකාශ කිරීම වෙනුවෙන් පැනවූ රුපියල් මිලියන 70 ක දඩ මුදල ද ඇතුළුව, අදාළ ආනයනකරුට සම්පූර්ණ වශයෙන් රුපියල් මිලියන 370 ක මුදලක් ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවීමට සිදුවූ බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් තමන් මිලදී ගත් රථය රෝල්ස් රොයිස් සන්නාමයේ 100 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ලොව පුරා නිපදවන ලද මාදිලි 25 න් එකක් බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීමත් සමඟ මෙම රෝල්ස් රොයිස් ෆැන්ටම් රථය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වූ අතර, ඒ අනුව, ඩඩ්ලි සිරිසේන විසින් ආනයනය කර ඇත්තේ ෆැන්ටම් සෙන්ටිනරි (Phantom Centenary) මාදිලියේ මෝටර් රථයක් බවට ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් කර තිබුණි.

මේ අනුව නිලධාරීන් පෙන්වා දෙන්නේ, යම් හෙයකින් මෙම වාහනය රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටිනරි මාදිලියට අයත් එකක් බව තහවුරු වුවහොත් ඒ සඳහා අදාළ බද්ද පමණක් රුපියල් බිලියන 1 ඉක්මවනු ඇති බව ය.

කෙසේ වෙතත් දැනට හඳුනාගෙන ඇති පරිදි එම ආනයනය කරන ලද රථය රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටිනරි මාදිලියට අයත් රථයක් එකක් නොවන බවත්, යමස් හෙයකින් රේගු පරීක්ෂණවලදී එසේ බව තහවුරු වුවහොත්, ආනයනකරුට තවත් විශාල බදු සහ දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇ ති බවත් එම නිලධාරීන් විසින් සඳහන් කරනු ලැබ ඇත.

ඩඩ්ලි වැනි ව්‍යාපාරිකයන් සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ තමන් ඉතා දුක් මහන්සියෙන් දේවල් හම්බ කරගැනීමෙන් ඒ තත්ත්වයට පත්වූ බවයි. නමුත් ඔවුන්ගේ ධනය පිටුපස ඇති ඇත්ත වන්නේ වංචාවෙන් සහ හොරකමෙන් එම ධනය ගොඩ ගසා ඇති බවයි.

leave a reply