ආපදා කළමනාකරණයෙන් ගැඹුරු පීඩන අවපාතයක් ගැන අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙනවා.

කාලගුණ පුරෝකථන උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ ඉදිරි පැය 24 තුළ දී මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් උතුර, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම යන ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවද ඒ මහතා පවසා සිටියා.

ඒ අනුව උතුරු පළාතේ මුලතිව්, යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන ප්‍රදේශවලට මි.මී 75 – 100ත් අතර, වැසි ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපකල්පනය කර ඇත.

එසේම උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවලට මි.මී 50 – 75ත් අතර වර්ෂාපතනයක් බලාපොරොත්තු වනවා.

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි හෝ මි.මී 100ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය කර ඇත.

එසේම සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට විටින් විට ගිගුරුම් සහිත වැසි සහ මි.මී 100ක පමණ වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.

මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවලට මි.මී 75 – 100ත් අතර වැස්සක් අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළම බලාපොරොත්තු විය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසනවා.

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...