ශ්‍රී ලංකාවෙන් පිටත සිටියත් රට වෙනුවෙන් තම යුතුකම අමතක නොකල යෞවනයන්

මහා බ්‍රිතාන්‍යයේ ස්ටොක් ඔන් ට්‍රෙන්ට් (Stoke on trent) හි බිහිවූ යොවුන් සංගීත කණ්ඩායමක් වූ Cloud6 තම ප්‍රථම මුහුරත් සංගීත උළෙල පසුගිය දෙසැම්බර් මස 13 දින ස්ටොක් ඔන් ට්‍රෙන්ට් වලදී පවත්වන ලදී.

ඉන් ලද ආදායම ශ්‍රී ලංකාවේ මෑතකදී සිදුවූ ආපදා තත්වයෙන් විපතට පත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඔවුන් තීරණය කළ අතර නව වසරේ ජනවාරි පළමු දින බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ මහා කොමසාරිස් කාර්‍යාලයේදී මහා කොමසාරිස් ගරු නිමල් සේනාධීර මහතා වෙත එය නිළ වශයෙන් ලබා දෙන ලදී.

Cloud6 කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් සියලු දෙනා සහ ඔවුන්ගේ දෙමාපියන්ද මේ විශේෂ අවස්ථාවට සහභාගි වූ අතර සභාව ඇමතූ මහා කොමසාරිස් නිමල් සේනාධීර මහතා ප්‍රකාශ කළේ, මේ අසීරු මොහොතේ තරුණ සංගීත කණ්ඩායමක් ලෙස තම මංගල ප්‍රසංගයෙන් ලද ආදායම තම මව් රට වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ගත් තීරණය සුවිශේෂී බවයි. මෙවැනි සමාජ සත්කාරක ක්‍රියා මහා බ්‍රිතාන්‍යයේ ජීවත්වන සියලු තරුණ පිරිස් සදහා ආදර්ශයක් බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

ගංගා සමරවික්‍රම

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...