ශ්‍රී ලංකාවෙන් පිටත සිටියත් රට වෙනුවෙන් තම යුතුකම අමතක නොකල යෞවනයන්

මහා බ්‍රිතාන්‍යයේ ස්ටොක් ඔන් ට්‍රෙන්ට් (Stoke on trent) හි බිහිවූ යොවුන් සංගීත කණ්ඩායමක් වූ Cloud6 තම ප්‍රථම මුහුරත් සංගීත උළෙල පසුගිය දෙසැම්බර් මස 13 දින ස්ටොක් ඔන් ට්‍රෙන්ට් වලදී පවත්වන ලදී.

ඉන් ලද ආදායම ශ්‍රී ලංකාවේ මෑතකදී සිදුවූ ආපදා තත්වයෙන් විපතට පත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඔවුන් තීරණය කළ අතර නව වසරේ ජනවාරි පළමු දින බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ මහා කොමසාරිස් කාර්‍යාලයේදී මහා කොමසාරිස් ගරු නිමල් සේනාධීර මහතා වෙත එය නිළ වශයෙන් ලබා දෙන ලදී.

Cloud6 කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් සියලු දෙනා සහ ඔවුන්ගේ දෙමාපියන්ද මේ විශේෂ අවස්ථාවට සහභාගි වූ අතර සභාව ඇමතූ මහා කොමසාරිස් නිමල් සේනාධීර මහතා ප්‍රකාශ කළේ, මේ අසීරු මොහොතේ තරුණ සංගීත කණ්ඩායමක් ලෙස තම මංගල ප්‍රසංගයෙන් ලද ආදායම තම මව් රට වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ගත් තීරණය සුවිශේෂී බවයි. මෙවැනි සමාජ සත්කාරක ක්‍රියා මහා බ්‍රිතාන්‍යයේ ජීවත්වන සියලු තරුණ පිරිස් සදහා ආදර්ශයක් බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

ගංගා සමරවික්‍රම

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...