මලයග ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීම ප්‍රෝඩාවක්ද?

Date:

මලයග ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරවෙල දී සංකේතාත්මකව සිදු කරන ලදී. මේ පිළිබඳව විවිධ අදහස් මතුවෙමින් පවතියි.

ලංකාවේ ආණ්ඩුව සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එකතුවී ලබාදෙන ලෙස ලිපියකින් මෙම ඉඩම් ලබාදීම සහ නිවාස ලබාදීම සම්බන්ධයෙන් කොන්දේසි ගණනාවක් කියවේ. ඉන් එක් කොන්දේසියක් වන්නේ මෙම ඉඩම්වල නිවාස ඉදිකිරීමේදී ඊට ඉඩම් අයත් පුද්ගලයන් සහය දිය යුතු බවයි.

කෙසේවෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා කම්කරු කොංග්‍රසය කියා සිටියේ ආණ්ඩුව ජනාතාව මුලා කරමින් සිටින බවයි.

පසුගිය ආණ්ඩු වලින් වතු කම්කරුවන් සඳහා පර්චස් 10ක ඉඩමක් ලබා දීමට කැබිනට් තීන්දුවක් රැගෙන ඇති බවත්, ඊට අදාළ ඉඩම් මැනීම් සිදු කර ඇති බවත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ නියෝජ්‍ය සභාපති කනපති කණගරාජ් ප්‍රකාශ කරයි. එම වැඩසටහන ආරම්භ කර මේ වන විට පිරිසක් වෙත ඉඩම් ලබා දීමද සිදු කර ඇති බව ඔහු පැවසුවා.

වත්මන් ආණ්ඩුව පර්චස් 10 දෙන බව පැවසුවද ඒ සඳහා ඔප්පු නොමැතිව කොළයක් බෙදමින් ඔප්පු දෙන බව පවසා පොරොන්දු දී ඇති බව කනපති කනගරාජ් පවසයි. එම පොරොන්දුව වලංගු නොමැති බවත් වත්මන් ආණ්ඩුවේ අහිමි වූ පසුව ඊළඟ ආණ්ඩුවට මේ කොලය වලංගු නැති බව ඔහුගේ අදහසයි.

එම නිසා වතු කම්කරුවන්ට ඔරිජිනල් LRC ඔප්පු අවශ්‍ය බවත් මේ ආකාරයට බොරු කියා වතුකරයේ මිනිස්සුන්ව රවට්ටද්දී තවදුරටත් බලා සිටිය නොහැකි බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...