මලයග ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීම ප්‍රෝඩාවක්ද?

මලයග ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරවෙල දී සංකේතාත්මකව සිදු කරන ලදී. මේ පිළිබඳව විවිධ අදහස් මතුවෙමින් පවතියි.

ලංකාවේ ආණ්ඩුව සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එකතුවී ලබාදෙන ලෙස ලිපියකින් මෙම ඉඩම් ලබාදීම සහ නිවාස ලබාදීම සම්බන්ධයෙන් කොන්දේසි ගණනාවක් කියවේ. ඉන් එක් කොන්දේසියක් වන්නේ මෙම ඉඩම්වල නිවාස ඉදිකිරීමේදී ඊට ඉඩම් අයත් පුද්ගලයන් සහය දිය යුතු බවයි.

කෙසේවෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා කම්කරු කොංග්‍රසය කියා සිටියේ ආණ්ඩුව ජනාතාව මුලා කරමින් සිටින බවයි.

පසුගිය ආණ්ඩු වලින් වතු කම්කරුවන් සඳහා පර්චස් 10ක ඉඩමක් ලබා දීමට කැබිනට් තීන්දුවක් රැගෙන ඇති බවත්, ඊට අදාළ ඉඩම් මැනීම් සිදු කර ඇති බවත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ නියෝජ්‍ය සභාපති කනපති කණගරාජ් ප්‍රකාශ කරයි. එම වැඩසටහන ආරම්භ කර මේ වන විට පිරිසක් වෙත ඉඩම් ලබා දීමද සිදු කර ඇති බව ඔහු පැවසුවා.

වත්මන් ආණ්ඩුව පර්චස් 10 දෙන බව පැවසුවද ඒ සඳහා ඔප්පු නොමැතිව කොළයක් බෙදමින් ඔප්පු දෙන බව පවසා පොරොන්දු දී ඇති බව කනපති කනගරාජ් පවසයි. එම පොරොන්දුව වලංගු නොමැති බවත් වත්මන් ආණ්ඩුවේ අහිමි වූ පසුව ඊළඟ ආණ්ඩුවට මේ කොලය වලංගු නැති බව ඔහුගේ අදහසයි.

එම නිසා වතු කම්කරුවන්ට ඔරිජිනල් LRC ඔප්පු අවශ්‍ය බවත් මේ ආකාරයට බොරු කියා වතුකරයේ මිනිස්සුන්ව රවට්ටද්දී තවදුරටත් බලා සිටිය නොහැකි බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...