මිලියන 28ක් ලැබුණු විදිහ කියන්න විදිහක් නෑ නෙවිල් වන්නිආරච්චිට කට උත්තර නැතිවේ.

Date:

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි නැමැති පුද්ගලයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගමවෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තියෙනවා. මෙම පුද්ගලයා අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබෙන්නේ අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙතත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.
ඔහු වෙත එල්ල වී තිබෙන්නේ රුපියල් මිලියන 28 ට අධික වත්කම් අයථා ලෙස උපයාගත් බවට කෙරෙන චෝදනාවයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වෙන්නේ 2014 ජූලි 24 අල්ලස් කොමිසමට ලබා දුන්නු පැමිණිල්ලකට අනුවයි.එම පැමිණිල්ලට අනුව කරන විමර්ශන වලට අදාළව තොරතුරු ලබාදීමට ඔහුට 2016 දෙසැම්බර් මාසයේදී අල්ලස් කොමිසම වෙත කැඳවීමක් කර තිබුණද ඔහුට ප්‍රතිචාර නොදක්වා මගහැර හිඳිමින් සිට 2025 වසරේදී තොරතුරු ප්‍රමාණයක් ලබාදී තිබේ. එම තොරතුරු අසම්පූර්ණ ඒවා බවත් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී රුපියල් මිලියන 28 ට අධික වත්කම් අයථා ලෙස උපයා ඇතිබව හෙළිදරව් වූ බව ඔක්තෝබර් 2 වනදා අධිකරණය හමුවේ අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියා.

දෙපර්ශ වීම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නෙවිල් වන්නියාචිව්වා ඔක්තෝම්බර් 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...