ශිෂ්‍ය ව්‍යාපාරය අඩපණ කිරීමට NPP නින්දිත මෙහෙයුමක. 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට නව කැඳවුම්කරුවෙකු පත්කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ සැරිසරන ප්‍රවෘත්තිය  සාවද්‍ය එකක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වර්තමාන කැඳවුම්කරු ප්‍රකාශ කර සිටිනවා . මෙම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අයත් සමාජ මාධ්‍ය ජාලා ගිණුමට සමාන ගිණුමක් නිර්මාණය කරමින් බවද  එහි ප්‍රකාශ කරන ආකාරයට පසිඳු පෙරේරා නැමැත්තෙකු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස තේරීපත්ව  නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙසේ ජනතාව නොමග යැවීම සඳහා සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් ප්‍රචාරය කරන්නේ පැලවත්තේ සිටින ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායමේ  අනු දැනුම මත බවට මේ සම්බන්ධයෙන්  අදහස් ප්‍රකාශ කළ  බොහෝ දෙනෙකු සඳහන් කර තිබුණා.

ආණ්ඩුව මේ සූදානම් වන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය අඩපණ කර අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීම වෙනුවෙන් කරන නින්දිත උත්සාහයකි . ලෝක බැංකු වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුව ඒ උවමනාවන් ඉෂ්ඨ කරමින් සිටින්නේ ඉදිරි ආධාර වාරික ලබාගැනීමේ වුවමනාව මතය .

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...