මැද පෙරදිග ගැටුම් ලංකාවේ තේ කර්මාන්තයටත් බලපායි

මැද පෙරදිග කලාපයේ ගැටුම් හේතුවෙන් තෙල් මිල ඉහළ යාමක් සිදුවෙතැයි බිය පළව තිබියදී ලංකාවට තවත් ගැටළුවක් ඇතිව තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන බවත් මේ හේතුවෙන් තේ කර්මාන්තය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා හිමි⁣යන් පවසයි.

විශේෂයෙන්ම මධ්‍යස්ථ ප්‍රමිතිතියකින් යුතු නිමි තේ කොළ විශාල ප්‍රමාණයක් ඉරානය ඇතුළු මැදපෙරදිග අරාබි රටවලට අපනයනය කරන බවත් පවතින ගැටුම් හේතුවෙන් මේ දිනවල එම රටවලට ඇති තේ කොළ ඉල්ලුම පහත වැටි ඇති බවත් පැවැති තේ කොළ වෙන්දේසි වලදි නිමි තේ කොළ මිල සීඝ්‍රයෙන් පහල ගොස් ඇති බවද කර්මාන්ත ශාලා හිමියන් පෙන්වා දෙයි.

පවතින යුද ගැටුම් හේතුවෙන් ඉරානය ඇතුළු මැදපෙරදිග රටවලට ඇති ශ්‍රී ලංකාවේ තේ කොළ ඉල්ලුම පහල යාමත් සමඟ අමු තේදළු මිලද පහත වැටිමෙි දැඩි අවදානම් තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...