Breaking News

දේශබන්දු තවමත් පොලිස්පති

අපරාධමය වරදක් සම්බන්ධයෙන් අධිකරණයට බාර වී රක්ෂිත බන්ධනාගාර ගත කළ දේශබන්දු තෙන්නකෝන් තවමත් නිල වශයෙන් පොලිස්පති
බව පැවසේ.

ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවකින් අනතුරුව පසුගිය කාලයේ අධිකරණ නියෝග මත එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබියදී අපරාධමය වරදක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

ප්‍රියන්ත වීරසූරිය කටයුතු කරන්නේ වැඩබලන පොලිස්පතිවරයා ලෙසයි. ඒ අනුව පොලිස්පතිවරයා වන්නේ දේශබන්දු තෙන්නකෝන් වේ.

පොලිස්පතිවරයා නිල වශයෙන් ඉවත් කරන්නේ නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එය සරල බහුතරයකින් සම්මත විය යුතුය.

තම නිලය භාවිතා කරමින් අපරාධ සිදුකළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවා පුන පුනා කියන දේශබන්දුව එම තනතුරෙන් එම ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ මන්ද යන්න සැක සහිතය.

leave a reply