දේශබන්දු තවමත් පොලිස්පති

අපරාධමය වරදක් සම්බන්ධයෙන් අධිකරණයට බාර වී රක්ෂිත බන්ධනාගාර ගත කළ දේශබන්දු තෙන්නකෝන් තවමත් නිල වශයෙන් පොලිස්පති
බව පැවසේ.

ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවකින් අනතුරුව පසුගිය කාලයේ අධිකරණ නියෝග මත එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබියදී අපරාධමය වරදක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

ප්‍රියන්ත වීරසූරිය කටයුතු කරන්නේ වැඩබලන පොලිස්පතිවරයා ලෙසයි. ඒ අනුව පොලිස්පතිවරයා වන්නේ දේශබන්දු තෙන්නකෝන් වේ.

පොලිස්පතිවරයා නිල වශයෙන් ඉවත් කරන්නේ නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එය සරල බහුතරයකින් සම්මත විය යුතුය.

තම නිලය භාවිතා කරමින් අපරාධ සිදුකළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවා පුන පුනා කියන දේශබන්දුව එම තනතුරෙන් එම ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ මන්ද යන්න සැක සහිතය.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...