ජනාධිපති අනුර කුමාර ගේ උපන්ගම වූ තඹුත්තේගම ප්‍රදේශයේ ඇති දුම්රිය ස්ථානයේ ශක්‍යතා අධ්‍යනයක් කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වයකිරීම සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ.
ඇතැම් පිරිස් පවසන්නේ පසුගිය කාලයේ සිටි ජනාධිපතිවරුන් කළා ක් මෙන් අනුර කුමාර ජනාධිපතිවරයාද තම ප්‍රාදේශීය වදී වෙමින් තම ගමට විශේෂ සැලකිල්ලක් දැක්වීම උත්සාහ කරන බවයි.
නමුත් දැනට ආණ්ඩුවේ පාර්ශව සහ විවිධ පෞගලික මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙමින් තිබෙන්නේ මෙම ශක්‍යතා අධ්‍යනය නව ව්‍යාපෘතියක් ඇරැඹීමට අදාලව සිදුකරන බවයි.
එම ව්‍යාපෘතිය නම් දුම්රිය යොදා ගනිමින් කෘෂිකර්ම නිෂ්පාදන බෙදා හැරීමයි.
දුම්රිය සේවය පිහිටලා තියෙන්නේ ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා, නමුත් අද වෙනකොට ඒක 1%ටත් අඩු ගාණක් තමයි තියෙන්නේ. ඒ නිසා දුම්රිය සේවය ප්රශස්ත සේවාවක් විදියට දියුණු කරන්න අවශ්‍ය වැඩසටහනක් විදිහට තමයි අපි ඒක හඳුනාගෙන තියෙන්නේ,” යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා සඳහන් කර ඇත.
එමෙන් ම දැනට කෘෂි නිෂ්පාදන ප්‍රවාහනයේදී සිදුවන නාස්ති අවම කිරිම, පරිසර දූෂණය, මහමාර්ගයට වැය වන කාලය ඉතිරි කිරීමේ සංකල්පයක් ලෙස දුම්රිය ප්‍රවාහන ක්‍රමය යොදා ගැනීමට කටයුතු කරන බව ද ලේකම්වරයා පවසා ඇත.
නමුත් දුම්රිය සේවය අද දවසේ මුහුණ දෙමින් තිබෙන තත්ත්වය සැලකීමේදී භාණ්ඩ ප්‍රවාහනයට තබා මගී ප්‍රවාහනයට වත් සුදුසු මට්ටමක් නැති බව ප්‍රසිද්ධ කරුණකි. එහිදී හෙලිව තිබෙන ප්‍රධාන කරුණක් වන්නේ දුම්රිය රියදුරන්ගේ ඇති විශාල හිඟයක් පැවතීම නිසා දුම්රිය ප්‍රවාහනය තුළ විශාල අර්බුදයක් නිර්මාණය කර ඇති බවයි.
මේ ප්‍රශ්න විසඳීමේ මකින් තොරව මේ ආකාරයට දුම්රිය සේවය වෙනත් කටයුත්තක් සඳහා යොදාගැනීමට මගින් තවත් අර්බුද රැසක් ඇතිවිය හැකි බව බොහෝ පිරිසකගේ අදහසයි.
එසේම මීට පෙර සිදුවූවේ ද විවිධ ව්‍යාපෘති සඳහා යයි කියමින් තමන්ගේ ගම් බිම්වල අනවශ්‍ය ආකාරයෙන් පාරවල්, රෝහල්, වරාය, දුම්රිය ස්ථාන ඉදිකිරීම බව අමතක කළ නොහැක.