Breaking News

යාලුවෝ කියන්නේ කවුරුන්ද?

“මේ කෙල්ලෙක් නැද්ද තාම,.. නෑ නෑ ඔයා කලබල වෙන්න එපා මං හොයාගන්නම්.” ඒ, මගේ හෙවත් අපේ යාලු කම. වෙන කියන්න කෙනෙක් නැති හින්ද ද මන්දා, විරුද්ධ ලිංගික ආකර්ශනය මත කෙරෙන ප්‍රේම ආරාධනාවක් ගැන පවා අද මට මගේ පුතා එක්ක කියන්න පුලුවන්. එයාට කෙල්ලෝ හෙලන බැලුම්, එයා කෙල්ලන්ට හෙලන බැලුම් ගැන පවා අපි කතා කරනවා. හිත නිදහස් කරගන්න හිතට එන ඕනෑම දුකක් කරදරයක් මට එයාටත්, එයාට මටත් කියන්න පුලුවන් තරමට අපේ අන්‍යෝන්‍ය අවබෝධය ඉතා ශක්තිමත් නිරෝගී එකක්. ඒ මවගේ පුතාගේ යාළුකම. මගේ හොඳම යාලුවා මගේ පුතා.

“ඇයි එන්නේ නැත්තේ? අසනීපයක්ද? කන්න මොනා හරි,අරන් එන්නද? ඔයා නැතුවාම හරිම පාලුයි අනේ… ”

ඒ කාර්යාලීය හිතවත් කම්, යාලුකම්. හිතට එන ඕනම දෙයක් කියන්න පුලූවන්, විනිශ්චය නොකර අහන් ඉන්න යාලුවෙක් ඉන්නවා කියන්නේ මාරම වාසනාවක්. කොල්ලෙක්ගෙන් එන ආදර ඇරයුමක් පවා ඉස්පිලි, පාපිලි, කොමාවක් , තිතක් පවා අඩු නැතුව කියන්න පුලුවන් යාලුවෙක් ඉන්නවනම් ඒක හරි වාසනාවක්. අහන් ඉඳලම එපා වුණ කන්කෙඳිරි සාවධානව අහන් ඉන්න එහෙම ලේසියෙන් බෑ. එහෙම යාලුකම් ජීවිතයට වාසනාවක්.

“ඔයා කාල ද? බීල ද? ගෙදර ගියාද? මොකද වෙන්නේ? සද්දයක් නැතිවට ඇහුවේ. අසනීප ද? අදම බෙහෙත් ගන්න. ”

පහුවෙලා අහනවා, ” බෙහෙත් ගත්ත ද? ඩොක්ට මොකද කිව්වේ? ”

නෑ කිව්වොතින් , අසූහාරදහටම මල පැනලා, දවස් ගානක් කතා නොකර ඉන්න යාලුවෝ ඉන්නවද?
හදවත අද්දරින්ම තියාගන්න. එහෙම අය ඉන්නේ වාසනාවට.

උදේ හවා ඔබව මතක් වෙන, මතක් වෙන බව පෙන්නන, හිටපු ගමන් පොඩි පණිවිඩයක් තියන, අපි හිතනවට වඩා අපි ගැන හිතන, නිසොල්මනේ අපිව නිරීක්ෂණය කරන යාලුවෝ ඉන්නව ද? ආදරෙන් රැක ගන්න.

ඔබ විශ්වාස කරන, ඔබේ විශ්වාසය රකින, ඔබ විශ්වාස බව පවසන, ඔබව දැනෙන, දැනුනම ඒක කියන, තරහ ගියාම තරහ වෙන, ආදරේ හිතුනම ආදරේ දෙන, නැති වෙනවට බය, ඕනම මොහොතක ඇමතුමක් දෙන්න පුලූවන්, ඔබට එන ඇමතුමට ඕනම අවස්ථාවක පිළිවදන් දෙන්න හිතෙන යාලුකම් රැක ගන්න.

ගෙදර, කාර්යාලය, වැඩබිම, මගතොට ඕනම තැනක යාලුවෝ හිටිය හැකි.

ඕනම සමාජ මාධ්‍යය හොද යාලුවෝ හමුවුනෑකි.

යාලුකම් වලට නිගා දෙන යාලු කමුත් හඳුනාගන්න.

විශ්වාසය කඩ කල යාලුකම් වලින් ඈත් වෙන්න.

ඔබේ සතුට උදුරාගන්න හදන යාලුකම් වලින් ඈත් වෙන්න.
හරි වේවා, වැරදි වේවා ඔබ වෙනුවෙන් පෙනී හිටින්න බැරි යාලුකම් වැඩක්ම නැත..

ඔබව විවේචනය කරන, ඔබව විනිශ්චය කරන, ඔබේ යාලුකම් බිඳ දමන , යාලුකම් අතහරින්න.

ඔය හැමදේම වගේම,
වෙනත් හදවතකින් කරන විනිශ්චය මත ඔබේ යාලුකම් බිඳ නොගන්න.
ඔබට, ඔබේ තත්වයට ( චරිතවත් බව, සමාජ ඇසුර, සමාජ මට්ටම ඔබේ කොලිටිය) මත ඔබේ වටිනාකම් ඉහල යන අතර, ඒ මත ඇතිවන යාලුකම් ඉතා ඉහල ස්ථානයක පවතින අතර, ඊට වඩා වෙනස් හැසිරීම් ඇති වෙනත් අයෙකු සමඟ ඇතිවන යාලුකම සමඟ කිසිසේත් සංසන්දනය කල නොහැකිය.
එබැවින් ඔබ මත ඇති යාලුකමට අඩු ලංසු නොතැබිය යුත්තේමය.
ඔබ ලබන්නේ ගෞරවනීය වූ යාලුකමකි.

අම්මා, තාත්තා,
සහෝදර සහෝදරියෝ,
පෙම්වතා, පෙම්වතී
ස්වාමියා, බිරිඳ
පාසල් මිතුරු මිතුරියෝ,
කාරියාලීය සගයෝ ,
මගතොට හමුවන්නෝ,
ජීවිතය ඉදිරියට ගලාගෙන යද්දී අතරමග හමුවන ලෙන්ගතුකම්..

ඔය හැම හදවතකම යාලුකම, හදවතට පහසුවක් සමග බරට දැනෙනවානම්, ඔබ ඉන්නේ හරිම යාලුකමක.

 

leave a reply